Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව

16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

නවතමයෙන් ස්ථාපනය කරන ලද මෙම බළඇණිය 2008.10.22 වන දින හමුදා චර්යා නියෝග 55/2008 යටතේ ඉලුප්පුකඩවේලි රජයේ පාසලේදී ආරම්භ කරන ලදි. ඒකකය ආරම්භයේදී ප්‍රථම අණදෙන නිලධාරී වශයෙන් මේජර් කේපිඑස්ඒ ප්‍රනාන්දු ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී පත්වන ලද අතර, දෙවන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඩබ්ලිව්ඒඑම්ඒබි විජේකෝන් ද, විධායක අධිකාරී වශයෙන් කපිතන් එස්ඩිජි විසිදාගම ද, බුද්ධි නිලධාරී වශයෙන් 2/ලුතිතන් ඩබ්ලිව්එම් උපතිස්ස ආර්එස්පි ද, රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් බනි 1 ඩිඑල් ජයසිංහ ආර්එස්පි යන බලලත් නිලධාරී ද පත්වන ලදි.

ඒකකය නඟා සිටුවීමේදී රණ ඒකකයන්ට අමතරව ආධාරක සහ සේවා ඒකකයන් වෙතින් මෙන්ම ස්වේච්ඡා ඒකකයන් වෙතින්ද භඨපිරිස් ඇතුලත් කරමින් 21 x 504 ක නිලධාරි හා සෙබළුන්ගෙන් සමන්විතව බළඇණියේ ආරම්භය සනිටුහන් කරන ලදි. ඒකකය ආරම්භයේ සිට මේ දක්වා පහත සඳහන් අණදෙන නිලධාරීන්ගේ අණදීම හා නායකත්වය මත 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විශිෂ්ඨ සටන් බළඇණියක් ලෙස පෝෂණය වන ලදි.

මෙම බළඇණිය 2008.10.22 වන දින සිට උතුරු මානුෂීය මෙහෙයුමේ පළමු පෙළ මෙහෙයුම් මෙන්ම වෙනත් මෙහෙයුම් සඳහාද සහයෝගය ලබාදෙමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා කටයුතු කල අතර, මෙම බළඇණිය මඟින් මානුෂීය මෙහෙයුම් අතරතුරදි මාන්කුලම් නගරය, විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, පුදුමාතලන් සහ අම්පකාමන්යන නගර අත්පත් කර ගැනීමට සමත්විය.තවද,මෙම බළඇණිය උතුරු ප්‍රදේශයේ රාජකාරි නිමාවෙන් පසු පුත්තලම දිස්ත්‍රික්කය තුල ස්ථානගතව ආපදා සහන කණ්ඩායම්, කැරලි මර්ධන කටයුතු සහ සිවිල් සම්බන්ධීකරණ කටයුතු වලට අමතරව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ක්‍රියාවලියට ඉමහත් දායකත්වයක් ලබාදෙමින් රාජකාරි ඉටු කරනු ලබයි.

අණදෙන නිලධාරීන්ගේ නාම ලේඛනය.

අ/අ  නම සිට දක්වා
1. මේජර් කේපිඑස්ඒ ප්‍රනාන්දු ආර්ඩබ්පි ආර්එස්පි 2008.11.10 10.11.2008
2. මේජර් ආර්ඒඩිඑස් ශාන්ත ආර්ඩබ්පි ආර්එස්පිපිඑස්සි 22.10.2008 2009.02.01
3. මේජර් එම්එස්කේ සල්ගාදු ආර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි 2009.02.01 2009.02.21
4. මේජර් කේඑච්එන්පි හැන්නදිගේ පිඑස්සි 2009.02.21 2009.03.18
5. මේජර් ආර්ඒඩිඑස් ශාන්තරණවීර ආර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි 2009.03.18 2009.05.19
6. ලුතිතන් කර්නල් ආර්ඒඩිඑස් ශාන්ත රණවීර ආර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි 2009.05.19 2010.10.27
7. මේජර් ඊඑන් කුරුකුලසූරිය ආර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි 2010.10.27 2012.11.01
8. ලුතිතන් කර්නල් ඊඑන් කුරුකුලසූරිය ආර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි 2012.11.01 2013.08.20
9. මේජර් එම්එන් ගුනසිංහ ආර්එස්පි (වැ/බ) 2013.08.20 2013.10.21
10. මේජර් එම්එස්කේ සල්ගාදු ආර්ඩබ්පි ආර්එස්පිපිඑස්සි 2013.10.13 2014.10.10
11. ලුතිතන් කර්නල් එම්එස්කේ සල්ගාදු ආර්ඩබ්පි ආර්එස්පි යූඑස්පි පිඑස්සි 2014.10.10 2016.07.20
12. මේජර් එස්ඩිකේඩබ්එම්එම්අයි වැලිවිට ආර්ඩබ්පි ආර්එස්පියූඑස්පි පිඑස්සි 2016.07.21 2017.02.20
13. මේජර් ඩිඑම්පි අමරකෝන් ආර්ඩබ්පි ආර්එස්පි පිඑස්සි (වැ/බ) 2017.02.20 2017.08.14
14. ලුතිතන් කර්නල් එස් ඩිකේඩබ්එම්එම්අයි වැලිවිට ආර්ඩබ්පි ආර්එස්පි යූඑස්පි පිඑස්සි 2017.08.14 2018.06.20
15. මේජර් ආර්එම්එල්අයි රත්නායක (වැ/බ) 2018.06.20 2018.08.17
16. මේජර් එස් රාජමන්ත්‍රි ආර්එස්පි 2018.08.17 2020.04.06
17. ලුතිතන් කර්නල් එස් රාජමන්ත්‍රි ආර්එස්පි යූඑස්පි 2020.04.07 2020.08.25
18. මේජර් ජේඩබ්එම්එම්බි ජයකොඩි ආර්ඩබ්පි ආර්එස්පි යූඑස්පි 2020.08.25 2020.10.09
19. ලුතිතන් කර්නල් ජේඩබ්එම්එම්බි ජයකොඩි ආර්ඩබ්පි ආර්එස්පි යූඑස්පි 2020.10.10 2021.05.10
20. මේජර් එස්එස්ඒ විජේරත්න ආර්එස්පි යූඑස්පි පිඑස්සි 2021.05.12 2021.12.16
21. මේජර් එස්ඒඒඑච් සුභසිංහ ආර්එස්පි පිඑස්සි එල්එස්සි (වැ/බ) 2021.12.16 2022.01.24
22. මේජර් එස්එස්ඒ විජේරත්න ආර්එස්පි යූඑස්පි පිඑස්සි 2021.01.24 2022.02.04
23. ලුතිතන් කර්නල් එස්එස්ඒ විජේරත්න ආර්එස්පි යූඑස්පි පිඑස්සි 2022.02.04 2022.08.08
24. මේජර් එස්ඒඩිපි ජයරත්න යූඑස්පි පිඑස්සි 2022.08.08 2024.02.31
25. ලුතිතන් කර්නල් එස්ඒඩිපී ජයරත්න යුඑස්පී පිඑස්පී 2024.02.04 2024.02.31
26. මේජර් එම්එස්එස් ප්‍රනාන්දු යුඑස්පී පිඑස්පී 2024.03.01 මේ දක්වා
සම්බන්ධීකරණ තොරතුරු
     
ලිපිනය :

මූලස්ථානය,
16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුද්ධ හමුදා කඳවුර
තබ්බෝව
පුත්තලම

 

දුරකථන අංක
අණදෙන නිලධාරි :

032-2062040 ; 076 - 6907472

දෙවන අණදෙන නිලධාරි : 032-2062041
හුවමාරුව : 032 - 2062042
     
විද්‍යුත් තැපැල් ලිපිනයන් :

16 gr@army.lk.
16thgajabaregiment@gmail.com