Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව

12 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

12 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව 2007 ඔක්තෝම්බර් මස 8 වන දින අනුරාධපුර සාලියපුර කදවුරේ ස්ථාපිත කරන ලද අතර, මේ දක්වා වසර දහසයක් සක්‍රීය සේවයේ යෙදී ඇත. මෙම ඒකකයේ සියලුම නිලයන් මානුෂීය මෙහෙයුම් සහ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි සඳහා යෙදවීම හේතුවෙන් ඉහළ වෘත්තීය නිපුණතාවක් සහ සටන් සූදානමකට හිමිකම් කියයි.

මෙම බළඇණිය සහභාගි වූ ප්‍රථම මෙහෙයුම වශයෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින් විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරය මැඩපැවැත්වීමේ මෙහෙයුමට සම්බන්ධ විය. 2007 ඔක්‌තෝබර් මස 23 වැනි දින සිට 51 වැනි සේනාංකය සහ 514 බලසේනාව යටතේ මෙම ඒකකය 2008 ජනවාරි 11 වැනිදා දක්වා කයිටිස් දුපතේ රාජකාරි සිදුකරන ලදි. ඉන් පසුව 2008 ජනවාරි 12 සිට 2008 පෙබරවාරි 24 දක්වා තනන්කිලප්පුහිද මාර්තු 24 සිට පෙබරවාරි 20 දක්වා මුරුන්කන්හිදී පළමු කාර්යය සාධක බළකා මූලස්ථානය සහ 581 බලසේනාව යටතේ මෙම ඒකකය වන්නි මානුෂිය මෙහෙයුමට එක් විය. ඔවුන් යෝධවැව, පරප්පකන්ඩාල්, කල්ලිඅඩිච්චාන්, උඩෙයියාඩි, උතුරු අඩප්පන්, කරෙයිමුඩ්ඩි, වෙඩිතලතිව් යන ප්‍රදේශවල මෙහෙයුම් සඳහා සහභාගී විය.

අනතුරුව 582 බලසේනාව යටතේ අඩම්පන්, උයියන්කුලම් ද, 583 වැනි බලසේනාව යටතේ වන්නේරියකුලම්, කරම්බකුලම්, පණ්ඩිවෙඩ්ඩිකුලම්, ඉලුප්පකඩවේලි, මුලංකාවිල්, ජයපුරම්, චෙම්පන්කුන්ඩු, පුනරින්, කිලිනොච්චි, පරන්තන්, ධර්මපුරම්, විශ්වමඩු, ශාන්තිපුරම්, දේවපුරම්, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන්, වෙලයාමුල්ලි වයික්කාල් දක්වා වන්නි මානුෂීය මෙහෙයුම අවසන් වන තෙක් මෙහෙයුම් සදහා මෙම ඒකකය සක්‍රිය දායකත්වය ලබාදෙන ලදි.

මානුෂීය මෙහෙයුම් අවසාන විමෙන් පසු ඒකකය 2010 මැයි 22 සිට 2010 පෙබරවාරි 08 දක්වා ඉරනමඩු ප්‍රදේශයේසහ 2010 පෙබරවාරි 08 සිට 2010 මාර්තු 01 දක්වා පුත්තලම් ප්‍රදේශයේ රාජකාරි කිරිමෙන් පසුව 2010 මාර්තු 01 සිට 2011 ජූලි 20 දක්වා මහනුවර ප්‍රදේශයේ ප්‍රභූ ආරක්‍ෂක රාජකාරි සිදු කර ඇත. ඉන්පසු 2011 ජූලි 20 සිට 2011 අගෝස්තු මස 13 දක්වා කටුකැලියාව බළඇණි පුහුණු පාසලේදී බළඇණි පුහුණුවීම් වලට සහභාගි විය.

පසුව 2011 අගෝස්තු 15 සිට 2013 ජනවාරි 08 දක්වා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ද 2013 ජනවාරි 09 වැනි දින මඩකලපුව ප්‍රදේශයේ ද රාජකාරි සදහා ස්ථාන ගතව ඇත. ඉන් පසුවආසේමු (නැගෙනහිර) යටතේ 2016.05.08 දින සිට 10 ගරෙ ඒකකය රාජකාරි කළ අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මුලස්ථාන සංකීර්ණයේ ස්ථානගත කරන ලදී. ත්‍රිවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් භූමියේ ආරක්‍ෂක රාජකාරි කිරීමෙන් අනතුරුව 2022.04.01 වන දින සිට යුද්ධ හමුදාධිපති තුමාගේ අතිරේක බළඇණියක් වශයෙන් අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි ඉටුකරන ලදි. ඉන් පසුව 2023.07.20 දින සිට 23 ගරෙ ඒකකය විසුරුවා හැරිමෙන් අනතුරුව වර්තමානයේ මෙම ඒකකය 122 පාබල බළසේනාව යටතේ යාල - පලටුපාන ප්‍රදේශයේ ස්ථානගතව රාජකාරි ඉටු කරයි.

අණදෙන නිලධාරි වරුන්ගේ නාම ලේඛණය

අනු අංකය නම සිට දක්වා
1. ලුතිනන් කර්නල් එන්ඩිඑස්පි නිවුන්හැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2007.10.08  2008.03.04 
2 මේජර් එස්බී අමුණුගම ආර්එස්පී 2008.03.04 2009.08.05
3. ලුතිනන් කර්නල් එස්බී අමුණුගම ආර්එස්පී 2009.08.05; 2010.12.06
4. ලුතිනන් කර්නල් කේඑච්එන්පි හැන්නදිගේ පිඑස්සි 2010.12.06 2013.07.18
5. මේජර් ආර්පිඒආර්පි රාජපක්‍ෂ ආර්එස්පි 2013.07.18 2014.10.09
6. ලුතිනන් කර්නල් ආර්පිඒආර්පි රාජපක්ෂ ආර්එස්පි 2014.10.09 2016.07.05
7. ලුතිනන් කර්නල් ඒජිඑල්එස් සමන්සූරිය ආර්එස්පි යුඑස්පි 2016.07.11 2018.03.24
8. මේජර් එම් එන් ගුණසිංහ ආර්එස්පි 2018.03.24 2019.01.01
9. ලුතිනන් කර්නල් එම්එන් ගුණසිංහ ආර්එස්පී 2019.01.01 2020.06.22
10. මේජර් එම්එම්ඒජේජේ ගුණවර්ධන පිඑස්සි 2020.06.22 2020.09.09
11. ලුතිනන් කර්නල් එම්එම්ඒජේජේ ගුණවර්ධන පිඑස්සි 2020.09.09 2021.07.16
12. මේජර් එම්ඒසීආර් මාකවිට ආර්ඩබ්ලිව්පි පිඑස්සි 2021.07.16 2022.05.18
13. ලුතිනන් කර්නල් එම්ඒසීආර් මාකවිට ආර්ඩබ්ලිව්පි පිඑස්සි 2022.05.18 2023.03.03
14. මේජර් ඩබ්ලිව්ජීඑන් වෙත්තසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එල්එස්සි 2023.03.03 මේ දක්වා
සම්බන්ධිකරණ විස්තර
     
ලිපිනය :

මුලස්ථානය
12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුද්ධ හමුදා කදවුර
පලටුපාන
යාල
කිරින්ද

     
දු: අංකය : 025 - 3859459