Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව

11 වන ස්වේච්ඡා බලඇණියේ ඉතිහාසය

ශ්‍රි ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වාධිනත්වයට තර්ජනයක් එල්ල කරමින් මිලේච්ඡ ක්‍රියාවන් වල නියැලුනු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා ශ්‍රිලංකා යුද්ධ හමුදාව පුළුල්ව හා විධිමත්ව ව්‍යාප්තවීම සිදුවන වකවානුවෙහි, දේශයේ සාමය හා ඒකීය භාවය ආරක්ෂා කිරීම සඳහා යුධ වදින ගජබා පවුලේ තවත් එක් ඒකකයක් ලෙස ශ්‍රී ලංකා ස්වේච්ඡා බළසේනා මුලස්ථානය හා ගජබා රෙජිමේන්තුවේ පූර්ණ දායකත්වය ඇතුව වර්ෂ 1994 අප්‍රේල් මස 21 වන දින යුද්ධ හමුදාධිපති නිකුත් කරන ලද 16/94 දරණ යුද්ධ හමුදා නියෝගයට අනුව 2(සෙව්) බළ ඇණිය ගජබා රෙජිමේන්තුව , 5(සෙව්) බළ ඇණිය ගජබා රෙජිමේන්තුව සහ 7 (සෙව්) බළ ඇණිය ගජබා රෙජිමේන්තුව යන ඒකක වලින් පුර්ණ දායකත්වය ලබාදෙමින් එක් බළ ඇණියකින් එක් කණ්ඩායම බැගින් කණ්ඩායම් 03 ක් ද , බෝයගනේ පුහුණු පාසල වෙතින් පුහුණුව ලැබු ආධුණික සෙනින් 140 ක් ද ඇතුලුව නිලධාරි 15 ක් හා සෙසු නිළයින් 423 දෙනෙකුගෙන් සමන්විත බළඇණිය 1994.04.21 වන දින පෙරවරු 0930 පැයට යෙදුනු සුභ මොහොතින් 5 වන ස්වේච්ඡා බළඇණිය ගජබා රෙජිමේන්තුවේ පසුමූලස්ථානය පිහිටි හොරොව්පොතාන කඳවුරු පරිශ්‍රයේදී ආරම්භය සනිටුහන් විය.

මෙම බළඇණිය ගොඩ නැගිම සඳහා කාර්ය නියුතු අණදෙන නිලධාරි වශයෙන් 5 (සෙව්) බළ ඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාව වෙතින් පැමිණි මේජර් එච්එච්එල් ද සිල්වා , දෙවන අණදෙන නිලධාරි වශයෙන් 2(සෙව්) බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පැමිණි මේජර් වී නානායක්කාර, විධායක අධිකාරි වශයෙන් 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පැමිණි කපිතන් පිඒඩිඑම්පි විජේගුණවර්ධන සහ උපකරණ පාලක නිලධාරි වශයෙන් වෛද්‍ය බළකාය වෙතින් පැමිණි ලුතිතන් එල්එල්ආර් අල්විස් බළඇණිය තුල රාජකාරි වල නියතු පලමු නිලධාරි මඩුල්ල ලෙස පත් විය.

මෙම ඒකකය වෙත 3 වන ගජබා රෙජිමේන්තුව වෙතින් පැමිණි බනි 1 ආර්එම් රත්නායක රෙජිමේත්තු සැරයන් මේජර් උපදේශක වශයෙන්ද, 2 (සෙව්) ගජබා රෙජිමේන්තුව වෙතින් පැමිනි බනි 11 ජයසිංහ කේජි වැ:බ රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් ද, 3 වන බළඇණි ගජබා රෙජිමේන්තුව වෙතින් පැමිණි බනි 11 සවර්ණපාල එස්ඒ රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර් වශයෙන්ද, 2 (සෙව්) බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පැමිණි සැරයන් ජයසිංහ කේජි ප්‍රධාන ලිපිකරු වශයෙන්ද බළඇණි ගොඩනැගිමට පුරෝගාමි වු සෙසුනිළ පලමු රාජකාරි මඩුල්ල වේ.

සාම්ප්‍රධානුකුලව ආරම්භයෙන් පසු සියළු භඨ පිරිස් සහභාගීත්වයෙන් බළ ඇණි පුහුණු විමක් ලබාගැනීමෙන් අනතුරුව අණ සහ පාලන, ඒ, බි, හා සි වශයෙන් කණ්ඩායම් 04 ක් ස්ථාපිත කර පලමු නිළ රාජකාරි සඳහා 1994.05.27 වන දින මන්නාරම ප්‍රදේශයට ගොස් 5 වන බළසේනා මුලස්ථානයෙහි ස්ථාන වු අතර, ඉන් පසු පුනරින්, කයිට්ස්, පුත්තුර්,මන්කුම්පාන්, මණ්ඩතිවි, පරන්තන්, කිළිනොච්චි, අලිමංකඩ, අයියකච්චි, පලෙයි ,කොඩිකාමම් වර්නි උතුර, අල්ලරායි, තම්බතොට්ටම්, තනන්කිලප්පු, පුනරින් යන ප්‍රදේශවල ස්ථානගත වෙමින් තිස් වසරක යුද්ධය නිමා කිරිම වෙනුවෙන් දියත් කරන ලද රිවිරැස, අග්නිඛීල, කිණිහිර යන ක්‍රියාන්විතයන් හා උතුරු මානුෂිය මෙහෙයුම සඳහා සහභාගි වෙමින් යුද්ධය නිමාකිරිම සඳහා මහඟු දායකත්වයක් දැක්වූ අතර, 11 (සෙව්) බළඇණිය ගජබා රෙජිමේන්තුව ක්‍රියාන්විත රාජකාරියෙහි දක්වන ලද දායකත්වය හේතුවෙන් ස්වේච්ඡා ඒකක අතර, ඉහල ස්ථාවරයක් ගොඩනගා ගැනීමට සමත්ව ඇති අතර, බළඇණියට අයත් විරෝධාර රණවිරුවන් ක්‍රියාන්විත රාජකාරියෙහි දක්වන ලද කැපවීම සහ දක්‍ෂතා හේතුවෙන් රණවික්‍රම පදක්කම් 01 ක් හා රණශූර පදක්කම් 06 කින් පිදුම් ලබා ඇත.

අභිමානවත් විස් නව වසරක ඓතිහාසික උරුමයලත් 11 (සෙව්) බළඇණිය ගජබා රෙජිමේන්තුව ආරම්භයේ සිටම අතිප්‍රබල රණකාමී පාබල බලඇණියක් ලෙසින් මිලේච්ජ එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ට එරෙහිව ප්‍රෞඩ ඉතිහාසය තුල දියත් කරන ලද වික්‍රමාන්විත සංග්‍රාමයේදී රුපුන් අභිමුව අභිතව යුධ වැද උතුම් මව්බිම වෙනුවෙන් දිවි පුද කල රණ විරුවන් මෙන්ම තම දිවි දෙවැනි කොට තබමින් උපන් මවු බිම පළමු කොට සිතා සටන් බිම රණශූරත්වය විදහා දක්වමින් මිලේච්ජ ත්‍රස්තවාදය තුරන් කිරීමෙහි ලා විශාල කැප කිරීමක් කරන ලද බළඇණියක් ලෙස සඳහන් කල හැකිය.

මානුෂිය මෙහෙයුම අවසන් වීමෙන් පසු 2009.12.26 වන දින සිට ආරම්භ කරන ලද අවතැන්වු සිවිල් ජනතාව නැවත පදිංචි කිරිමේ කාර්යභාරයේ මහඟු මෙහෙවරක් ඉටු කරන ලදී. මෙහිදි පුනරින් ප්‍රදේශිය ලේඛම් කාර්යාලයට අයත් නල්ලුර්, මුක්කම්පන් ගම්මානය සහ කන්ඩවාලි ප්‍රදේශිය ලේඛම් කාර්යාලයට අයත් පරන්තන්, උරතිරිපුරම් යන ගම්මානයන් හි සිවිල් ජනතාව නැවත පදිංචි කර ඔවුන්ගේ ආදායම් මට්ටම යහපත් මට්ටමට පත් වන තෙක් එදිනෙදා ජිවිතය ගොඩනංවා ගැනීම සඳහා මෙම ඒකකයේ නි/සෙනින් අතිවිශාල දායකත්වයක් ලබාදෙමින් රාජකාරි කරමින් සිටියදී මෙම ඒකකය 66 සේනාංක මුලස්ථාන බළ ප්‍රදේශයේ රාජකාරි 18(සෙව්) බළඇණි ගජබා රෙජිමේන්තුව සහ 20 ශ්‍රිලපාහ ඒකකය වෙත භාරදී, 65 සේනාංක මුලස්ථානය යටතේ 651 බසේමු යටතේ මුලංකාවිල් ප්‍රදේශයේ 2012.02.27 වන දින ස්ථානගත වන ලදී.

එම ප්‍රදේශයේ රාජකාරි සිදුකරමින් සිටියදී බළඇණි පුහුණු පාඨමාලාව හැදැරීම සඳහා 2022.05.04 දින මෙම බළඇණිය බපුපා - අරසපුරකුලම් වෙත ගොස් ස්ථානගතව පුහුණු පාඨමාලාව හදාරමින් සිටියදී විවිධ ගැටළු හේතුවෙන් රටතුල ඇතිවූ අර්බුධකාරි තත්වය මැඩපැවැත්වීම හා රටෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුහමු උපදෙස් මත 2022.05.15 දින කොළඹ ප්‍රදේශයට ගොස් මරදාන ප්‍රදේශයෙහි ස්ථානගතව 14 සේමු යටතේ අර්බුධකාරි තත්වය මැඩපැවැත්වීම සඳහා විශාල සහයෝගයක් ලබා දුන් අතර, අර්බුධකාරි තත්වය පහව යාමත් සමගම මෙම ඒකකය 2022.08.15 දින මුලංකාවිල් හි පිහිටි මෙම ඒකක මුලස්ථානයට පැමිණ ස්ථානගතවන ලදි.

ඉන්පසුව යුද්ධ හමුදා ප්‍රථිව්‍යූහගත කිරිමේ වැඩසටහන යටතේ 2023.06.20 දින සිට අක්කරායන්කුලම් ප්‍රදේශයේ ස්ථානගතවී 551 පාබල බසේමු යටතේ රාජකාරි කරමින් ඉදිරි ගමනක යෙදී සිටියි.

අණදෙන නිලධාරීන්ගේ නාම ලේඛනය.

අ/අ  නම සිට දක්වා
1. ලුතිතන් කර්නල් එච්එච් ද සිල්වා 1994.04.21 1997.04.11
2. මේජර් වි නානායක්කාර 1997.04.12 1998.07.06
3. මේජර් ජේඩිසිජේ ජයසිංහ 1998.07.07 1999.06.05
4. මේජර් කේපි නුගේගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 1999.06.06 1999.12.11
5. මේජර් ජේ සරත් කුමාර 1999.12.12 2000.11.26
6. ලුතිතන් කර්නල් කේපි නුගේගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි 2000.11.27 2007.04.20
7. ලුතිතන් කර්නල් ඩබ්එම්ඩීඑස්කේ ගුණවර්ධන ආර්එස්පී 2007.04.21 2011.09.02
8. ලුතිතන් කර්නල් කේකේඩිආර් චමින්ද 2011.09.03 2015.08.26
9. ලුතිතන් කර්නල් කේපිඑම් ද ඒ විජේසිංහ 2015.08.27 2019.05.14
10. මේජර් ජේඩබ්ලිව්එම්එම්බි ජයකොඩි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2019.05.14 2020.08.20
11. ලුතිතන් කර්නල් එච්පීපී කුමාරසිංහ ආර්එස්පී 2020.08.20 2022.06.13
12. ලුතිතන් කර්නල් ඩබ්ලිඑව්පීටී පෙරේරා 2022.06.13 2023.12.13
13. මේජර් එල්ඒඑම්එල්ඩබ්ලිව් බංඩාර 2023.12.14 මේ දක්වා

සම්බන්ධීකරණ විස්තර

ලිපිනය :

මූලස්ථානය
11 (ස්වේ) බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුධ හමුදා කඳවුර
අක්කරායන්කුලම්
කිලිනොච්චිය

 

දුරකථන අංකය : 0323326041
විද්යුත් ලිපිනය : 11gr@ amry.lk / hq11gr@gmail.com