Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

10 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව

10 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවෙහි ඉතිහාසය

ගජබා රෙජිමේන්තුවට අයත් 1, 3, 4, 6, 8 සහ 9 යන නිත්‍ය බළඇණියන්හි භටපිරිස්හි දායකත්වයෙන් 1994 ජනවාරි මස 07 වන දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 10 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව ආරම්භ කරන ලද අතර, පසුව මෙම බළඇණිය කයිට්ස් - මණ්ඩතිව් දූපතෙහි ස්ථානගත කරන ලදි. මව්බිමෙහි භෞමික අඛණ්ඩත්වය සහ සාමය තහවුරු කිරීමේ අරමුනින් රටේ පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් අප මාතෘභුමිය ආරක්ෂාකර ගැනීම සඳහා සිදුකල ක්‍රියාන්විතයන් සඳහා විශාල දායකත්වයක් ලබාදෙමින් මෙම බළඇණිය මහගු කාර්යභාර්යයක් ඉටුකරන ලදි.

නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිලයින් 773 දෙනෙකුගෙන් සමන්විතව මෙම බළඇණිය ආරම්භ කරන ලද අතර, මෙම බළඇණියේ පළමු අණදෙන නිලධාරි වශයෙන් නි/50992 මේජර් එන්ඒජේසි ඩයස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි පත්වන ලදි. දෙවන අණදෙන නිලධාරී ලෙස නි/60061 මේජර් එච් එම් ආර් එම් වන්නිනායක ආර්එස්පී ද, විධායක අධිකාරි වශයෙන් නි/61737 ලුතිනන් එච් ඒ එස් කේ සිරිවර්ධන ද පත් වු අතර, රයිෆල් කණ්ඩායම් 4 කින් සමන්විත වු මෙම බළඇණියෙහි කපිතන් එන් සී සෝමවීර ඒ කණ්ඩායම් නිලධාරී අණදෙන වශයෙන්ද, කපිතන් එස් එම් එස් පී බී සමරකෝන් බි කණ්ඩායම් නිලධාරී අණදෙන වශයෙන්ද, කපිතන් එස් පී ඒ රුද්‍රිගෝ සී කණ්ඩායම් නිලධාරී අණදෙන වශයෙන්ද, කපිතන් ඩබ්ලිව් ආර් එම් මනේන්ද්‍ර ඩී කණ්ඩායම් නිලධාරී අණදෙන වශයෙන්ද කටයුතු කරන ලදි.

බළඇණිය ආරම්භයේ සිට මේ දක්වා මෙම බළඇණියෙහි අණදීම අණදෙන නිලධාරීන් 17 දෙනෙකු විසින් සිදුකරන ලදි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද මානුෂිය මෙහෙයුමේදී ඉදිරි පෙළ බලඇණියක් ලෙස සුවිශාල දායකත්වයක් ලබාදී ඇති අතර, ජාතික සංවර්ධනයටද දායක වෙමින් මහත් කාර්යභාරයක් සිදුකර ඇත. ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරමින් යුධ පෙරමුණේදී පෙන්නුම් කරන ලද කැපකිරීම, නිර්භීතකම මෙන්ම නොපසුබස්නා වීර්යය අගය කිරීමක් වශයෙන් මෙම බළඇනියට අයත් නිලධාරීන් හා සෙසු නිළයින් සඳහා පරම වීර විභූෂණ පදක්කම් 1ක් ද, වීර වික්‍රම විභූෂණ පදක්කම් - 3ක් ද, රණ වික්‍රම පදක්කම් 101ක්ද හා රණශූර පදක්කම් 121ක් ද හිමිගන්වා ඇත.

යුද්ධ හමුදා මූලස්ථානයෙහි ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත 11 වන සේනාංකය යටතේ තාවකාලිකව 144 වන බලසේනාවේ ආරක්ෂාව සහ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2014 පෙබරවාරි 14 සිට 2016 මැයි 07 දක්වා මෙම ඒකකය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ස්ථානගත කරන ලදි. ඉන් පසුව 2016.05.07 දින සිට මෙම බළඇණිය මඩකලපුව ප්‍රදේශයේ ස්ථාන ගතව රාජකාරි කළ අතර, පසුව 2019 වසරේ දෙසැම්බර් මස පල්ලේකැලේ ප්‍රදේශයේ මෙම ඒකකය ස්ථානගත කරන ලදි

2021 මාර්තු 04 වැනි දින සිට මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය, මහියංගනය රජමහා විහාරස්ථානය සහ දළදා මාලිගාවේ ආරක්ෂාව මෙන්ම මහනුවර, නුවරඑලිය සහ මහියංගනය ජනාධිපති මන්දිරයන්හී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකකයේ භඨ පිරිස් ස්ථානගත කරන ලද අතර, 2023 මැයි මස නුවරඑලිය සහ මහියංගනය ජනාධිපති මන්දිරයන්හි සහ මහියංගනය රාජමහා විහාරස්ථානයේ රාජකාරි කල භඨ පිරිස් ඉන් මුදවා ශ්‍රි දළදා මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියෙහි යොදවන ලදි.

අණදෙන නිලධාරි වරුන්ගේ නාම ලේඛණය.

අ:අං  නම සිට දක්වා
1. මේජර් එන්ඒජේසි ඩයස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 1994.01.07 1996.11.07
2. මේජර් ඩිඑස්එන්කේ සේනාධීර ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 1996.11.07 1997.06.10
3. මේජර් එස්ඒමෙන්ඩිස් 1997.06.10 1997.12.05
4. මේජර් ජේඑම්එස්එස් ජයසුන්දර ආර්එස්පී යූඑස්පී 1997.12.05 2000.04.29
5. මේජර් බිඑම්එම්ඩබ්ලිව්ඩබ්ලිව්ඩබ්ලිව්ඩබ්ලිව් එම්ආර්බිඑම් දවුලගල ආර්එස්පී 2000.04.29 2003.09.15
6. ලුතිනන් කර්නල් ජෙඑම්ඩියු ජයසිංහ 2003.09.15 2006.06.27
7. ලුතිනන් කර්නල් එස්එම්එස්පිබි සමරකෝන් ආර්එස්පි 2006.06.27 2008.08.28
8. මේජර් එස් ප්‍රියංකරගේ පීඑස්සී 2008.06.27 2008.11.05
9. මේජර් එල්ඒජේඑල්බි උඩෝවිට ආර්ඩබ්ලිවිපි ආර්එස්පි 2008.11.05 2009.09.23
10. ලුතිනන් කර්නල් එල්එච්එම් රාජපක්ෂ ආර්එස්පී 2009.09.23 2011.09.17
11. මේජර් එන්ඩබ්ලිව්එම්ආර් නානායක්කාර ආර්එස්පී (වැබ) 2011.09.17 2011.10.19
12. ලුතිනන් කර්නල් එච්ටිඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2011.09.17 2014.08.11
13. ලුතිනන් කර්නල් ඒජීඑල්එස් සමන්සූරිය ආර්එස්පී 2014.08.11 2015.03.03
14. මේජර් එච්පීපී කුමාරසිංහ ආර්එස්පී (වැබ) 2015.03.03 2015.04.23
15. මේජර් ඩිපිඑස්අයි ඩයස් ආර්එස්පි 2015.34.23 2018.07.27
16. ලුතිනන් කර්නල් ඊඩබ්ලිව්ආර්එස්බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒ සිජිඑස්සි 2018.07.28 2019.10.31
17. මේජර් ඒජේඑස් අබේනායක ආර්එස්පී 2020.01.01 2021.07.18
18. ලුතිනන් කර්නල් ඒජේඑස් අබේනායක ආර්එස්පී 2021.07.19 2022.02.11
19. මේජර් ඒඩබ්ලිව්කේ සමරසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි පිඑස්සි එල්එස්සි 2022.02.11 2023.07.23
20. මේජර් එන්කේ වීරතුංග ආර්එස්පි 2023.07.23 මේ දක්වා
සම්න්ධීකරණ විස්තර
     
ලිපිනය :

මූලස්ථානය
10 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුද්ධ හමුදා කඳවුර
රජ වීදිය
මහනුවර

     
දුරකථන අංකය

0253857800
025 - 3859791

විද්‍යුත් ලිපිනය

10gr@army.lk
Army10gr@gmail.com