?
08th March 2026 10:15:26 Hours
1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාව, 4rever සමාගම් සමූහය සහ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟ සහයෝගයෙන්, 2026 මාර්තු 05 වන දින දේවහුව කඳවුරේදී “මාතෘ අභිමන්” වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන ගැබිනි මව්වරුන් දැනුවත් කිරීමේ මුලපිරීමක් ලෙස සංවිධානය කරන ලද අතර මාතෘ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ තොරතුරු සැසි ඇතුළත් විය. දැනුවත් කිරීමේ වැඩසටහනෙන් පසුව, දිවා ආහාරය ලබා දුන් අතර මව්වරුන් මාතෘත්වයට යන ගමනේදී ඔවුන්ට සහාය වීම සඳහා පුළුල් මාතෘ සත්කාර කට්ටල අඩංගු භාණ්ඩ බෙදා දෙන ලදී. ගලේවෙල ප්‍රදේශයෙන් ගැබිනි මව්වරුන් 150 ක් මෙම වැඩසටහනට සහභාගී වූහ.
තවද මෙම වැඩසටහන සඳහා 4rever සමාගම් සමූහයේ සභාපතිනිය සහ නිර්මාතෘ චාන්දනී බණ්ඩාර මහත්මියගේ ත්‍යාගශීලී අනුග්‍රහය තුළින් වැඩසටහන සාර්ථකව සිදුකිරීමට හැකි වූ අතර, ඇයගේ දායකත්වය සහභාගිවුවන්හට අමතක නොවන අත්දැකීමක් සහතික කළේය.