?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

26th February 2026 15:15:50 Hours

ගජබා රෙජිමේන්තුවේ 3 වන බලඇණිය වෙත නව අණදෙන නිලධාරී වරයෙක් පත් කෙරේ.

3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 23 වන අණදෙන නිලධාරී ලෙස මේජර් පී ජී එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි පත් කරන ලද අතර, 2026 පෙබරවාරි 25 වන දින මාන්කුලම් හි පිහිටි බලඇණි මූලස්ථානයේදී නිල වශයෙන් එතුමන් සිය තනතුරේ රාජකාරි භාර ගන්නා ලදී.

නව අණදෙන නිලධාරී තුමන් ඒකකය වෙත පිළිගැනීම යුධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සිදු කරන ලදී. අනතුරුව, සුභ මොහොතින් ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනවලට අත්සන් තබමින් නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී. මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින්, එතුමන් පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භට පිරිස් අමතනු ලැබීය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර, එහිදී අණදෙන නිලධාරීතුමන් අවස්ථාවට සහභාගීවී සිටි භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

රෙජිමේන්තු අධිපති තුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් විසින් අනදෙන නිලධාරීගේ නව පත්වීම සහ අනාගත සියලු කටයුතු වෙනුවෙන් හෘදයාංගම සුබ පතන ලදි.