?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

26th February 2026 18:25:50 Hours

රෙජිමේන්තු අධිපති තුමන් 4 වන සහ 10 වන බලඇණිවල නිල සංචාරයක් කරන ලදි.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ගජබා රෙජිමේන්තුවේ 4 වන සහ 10 වන බලඇණි වෙත 2026 පෙබරවාරි 26 වන දින නිල සංචාරයක් සිදු කරන ලදී. ගජබා පවුලේ එකමුතුකම පෝෂණය කිරීම, නායකත්වය ශක්තිමත් කිරීම මගින් රෙජිමේන්තුවේ වටිනාකම ශක්තිමත් කිරීම මෙම සංචාර අරමුණ විය.

ගජබා රෙජිමේන්තුවේ 4 වන බලඇණිය විසින් පසුකර යෑමේ සම්මාන මුරයේ ආචාරය සමගින් රෙජිමේන්තු අධිපති තුමන් පිළිගත් අතර, ඉන් අනතුරුව භට පිරිස් ඇමතීම, අණදෙන නිලධාරීගේ ඒකකයේ රාජකාරින් සම්බන්ධව ඉදිරිපත් කිරීම, කඳවුරු සංචාරය සහ සමරු සටහන් පොතේ අත්සන් තැබීමෙන් එම බළඇණියේ සංචාරය අවසන් විය. පසුව, රෙජිමේන්තු අධිපති තුමන් 10 වන බලඇණිය වෙත කරන ලද සංචාරයේදී පසුකර යෑමේ සම්මාන මුරයේ ආචාරය සමගින් පිළිගත් අතර, පැළ සිටුවීම, භට පිරිස් ඇමතීම, අණදෙන නිලධාරීගේ ඉදිරපත් කිරීම සහ නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයටද සහභාගී වන ලදි.

මෙම සංචාර හරහා, රෙජිමේන්තු අධිපත් තුමන්ගේ නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ රෙජිමේන්තු අභිමානය යන මූලික වටිනාකම් ශක්තිමත් කළ අතර, ගජබා රෙජිමේන්තුව විශිෂ්ටත්වය සඳහා තවදුරටත් කැපවීමෙන් ක්‍රියා කරන බවට සහතික කරන ලදි.