?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

25th February 2026 18:17:33 Hours

අභිමන්සල 1 අනුරාධපුර හි නේවාසික යුධ විරුවන්ගේ සුවදුක් සොයා බැලීමේ සංචාරයක් ගජබා සේවා වනිතා ශාඛාව වෙතින් පවත්වයි.

අභිමංසල 1 අනුරාධපුරයේ - වෙල්නස් රිසෝට් හි දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුව දුක් සොයා බැලීම සඳහා ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදාරි අනුපමා ගමගේ මහත්මියගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද සංචාරයක් 2026 පෙබරවාරි මස 25 වන දින පවත්වන ලදී.

සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරීන් සහ ගජබා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ.

මෙම සංචාරය අතරතුර, සභාපතිනිය සහ අනෙකුත් සහභාගිවන ලද පිරිස රැඳවියන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍යය හා සුභසාධනය පිළිබඳව විමසමින් දිරිගැන්වීම් සහ සහෝදරත්වය පළ කළහ. මෙම ක්‍රියාවන් මගින් ජාතිය වෙනුවෙන් ඔවුන් කළ අමිල කැපකිරීම් සඳහා අඛණ්ඩ අගය කිරීම සහ කෘතඥතාව ඔප්නැංවෙන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණවිරුවන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම සඳහා ඇති නොනවතින කැපවීම තව දුරටත් තහවුරු කරන ලදී.