?
26th February 2026 08:05:43 Hours
මේජර් ජෙනරාල් ඊ එන් කුරුකුලසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ වසර 35 කට අධික කීර්තිමත් හමුදා දිවියේ අවසානය සනිටුහන් කරමින් විචිත්‍රවත් සමුගැනීමේ උත්සවයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් එතුමන් වෙත උපහාර දැක්වීම සඳහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් 2026 පෙබරවාරි 25 වන දින පවත්වන ලදි.
ගජබා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් උත්සවය ආරම්භ වූ අතර, එතුමන් වෙත ප්‍රධාන දොරටුවේදී ගෞරවනීය හමුදා සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන්පසු, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි සෙන්පතිඳුන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය. පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසු සමරු සටහන් පොතෙහි අත්සන් තබන ලදි. ඉන් අනතුරුව රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය සංකේතවත් කරමින් එතුමන් වෙත පිරිනමන ලද සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වන ලදී.
එදින සන්ධ්‍යාවේ ගජබා රෙජිමේන්තු නිලධාරී භෝජනාගාරයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙහෙයවන ලද මෙම ගෞරවනීය උත්සවය, මේජර් ජෙනරාල් ඊ එන් කුරුකුලසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වය, සේවය සහ ජයග්‍රහණ සියල්ල ගෞරවයෙන් සමරමින්, එතුමන්ගේ උදාර සේවයට කෘතඥතාව පළ කිරීමට සහ උපහාර දැක්වීමට නිලධාරීන්ට අවස්ථාවක් ලබා දුන්නේය.