?
14th February 2026 20:40:50 Hours
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදාරි අනුපමා ගමගේ මහත්මියගේ සංකල්පයක් මත සහ මඟ පෙන්වීම යටතේ 2026 පෙබරවාරි 14 වන දින කරුවලගස්වැව, තබ්බෝව ශ්‍රී විජයරාජ විහාරස්ථානයේදී ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම මානුෂීය මුලපිරීම එක්සත් රාජධානියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන උපුල් සමරසේකර මහතාගේ ත්‍යාගශීලී මූල්‍ය දායකත්වය තුළින් පුත්තලම මහ රෝහලේ විෂන් කෙයාර් කළමනාකරු සහ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයාගේ සහාය ඇතිව සිදු කරන ලදී. මෙම වැඩසටහන අතරතුර, තබ්බෝව කරුවලගස්වැව ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අක්ෂි පරීක්ෂණ සිදු කරන ලද අතර, ඔවුන්ගේ වෛද්‍ය අවශ්‍යතා අනුව ඇස් කණ්ණාඩි ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහ එහි සාමාජිකයින් වන ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති මේජර් ජෙනරාල් එච් ඩී එල් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ වී ඒ ආර් කේ අබේවික්‍රම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.