?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

03rd January 2026 09:20:45 Hours

මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ඒ බී විජේකොන් යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ගජබා නිවහනේදී සමුගැනීමේ ආචාරයක් සහ රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ඒ බී විජේකෝන් යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට උපහාර දැක්වීම සඳහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි 02 වන දින විචිත්‍රවත් සමුගැනීමේ පෙළපාළියක් සහ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එය ඔහුගේ වසර 34 කට අධික කීර් තිමත් හමුදා දිවියේ අවසානය සනිටුහන් කළේය.

චාරිත්‍රානුකුල කඳවුරු සම්මාන මුරයක් සමඟින් උත්සවය ආරම්භ වූ අතර, ඉන් අනතුරුව දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර දැක්වීය. ගජබා රෙජිමේන්තුවට මෙන්ම සමස්ථ දේශය වෙනුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලද අද්විතීය සේවය අගයමින් රෙජිමේන්තු සරඹ භූමියේදී වර්ණවත් පෙළපාලියකින් උපහාර දක්වන ලදී. ඉන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමුහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.

එදින සන්ධ්‍යා වේ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම ගෞරවනීය උත්සවය සඳහා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී වු අතර, මෙම උත්සව අවස්ථාවට සහභාගී වන ලද සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරි හා නිලධාරන් මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ඒ බී විජේකෝන් යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ නායකත්වය, සේවය සහ කැපවීම් වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමට සහ උපහාර දැක්වීම සිදුකරන ලදී.