?
28th December 2025 22:59:26 Hours
ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් එම් එස් සී පීරිස් ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම පිළිබඳව උපහාර දැන්වීම සඳහා 2025 දෙසැම්බර් මස 28 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් උපහාර උත්සවයක් පවත්වන ලදි.
උත්සවය ආරම්භ වූයේ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය අසලදී පුෂ්පෝපහාර දැක්වීමෙනි. පසුව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අනුස්මරණය කරමින් එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
ඉන්පසු, ගජබා රෙජිමේන්තුවේ සම්ප්‍රධායානුකූලව ඉහලම හමුදා සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරමින් මේජර් ජෙනරාල් එම් එස් සී පීරිස් ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ගෞරව සම්මාන පෙළපාලියකින් ගෞරව කරන ලදී. අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරියා උත්සවයේ වැදගත්කම සනිටුහන් කරමින් අමුත්තන්ගේ පොතෙහි අත්සන් තැබීම සිදු කළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමුහ ඡායාරූපයකට පෙනීසිටිමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.