?
27th December 2025 21:38:15 Hours
මේජර් ජෙනරාල් එච් පී අයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කිර්තිමත් හමුදා දිවයේ සමාප්තිය සනිටුහන් කරමින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 දෙසැම්බර් 27 වන දින විචිත්‍රවත් සමුගැනිමේ පෙළපාලියක් පවත්වන ලදි.
උත්සවය ආරම්භ වූයේ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දක්වීමෙන් පසු චාරිත්‍රනුකූල කඳවුරු සම්මාන මුරයකින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සෙන්පතිදුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. පසුව ගජබා රෙජිමේන්තුවට මෙන්ම සමස්ථ දේශය වෙනුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලද අද්විතීය සේවය අගයමින් රෙජිමේන්තු සරඹ භූමියේදී වර්ණවත් පෙළපාලියකින් ගෞරවය පිරිනමන ලදි. ඉන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමුහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් පසු සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
මෙම උත්සවය මේජර් ජෙනරාල් එච් පී අයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආදර්ශවත් සේවය, නායකත්වය සහ නොසැලෙන කැපවීම සඳහා සුදුසු ගෞරවයක් විය. වසර තිස් පහකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය අවසන් කරමින්, ගජබා රෙජිමේන්තුවට හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඔහු ලබාදුන් අගනා දායකත්වය මහත් ගෞරවයෙන් හා කෘතඥතාවයෙන් සදාතනිකව සිහිපත් කරනු ඇත.