?
21st December 2025 21:54:07 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ ගජබා රෙජිමේන්තුවට වසර ගණනාවක් පුරා සිදු කරන ලද ආදර්ශමත්, නිකළැල් සේවය අගය කරමින්රෙජිමේන්තු සම්ප්රසදායන් සහ හමුදා සිරිත් විරිත්වලට අනුකූලව, විශ්රාතම ලබන රෙජිමේන්තු සැරයන් මේජර් බනි I ඩීඑම්එස් දිසානායක යූඑස්පීහට ගජබා නිවහනේදී විධිමත් ගෞරව සහ සමුගැනීමේ උත්සවයක් පවත්වන ලදී.
විශ්‍රාම ලබන රෙජිමේන්තු සැරයන් මේජර් වරයාගේ ගෞරවණීය සේවය නිමාවට පත් වීම සංකේතවත් කරමින්, නිල නිවසින් ගෞරව සහිතව පිටත්වීමත් සමඟ විධිමත් සමුගැනීමේ කටයුතු ආරම්භ විය. ඉන් අනතුරුව, මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දක්වීමෙන් පසු ඔහු විසින් ඉටු කළ ආදර්ශමත් සේවය අගය කරමින් රෙජිමේන්තු සරඹ භූමියේදී වර්ණවත් පෙළපාලියකින් ගෞරව පිරිනැමීමෙන් පසු සියළු දෙනා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
රෙජිමේන්තු සම්ප්‍රදායට අනුව ගජබා නිවහනේ ගෞරවනීය සහ හෘදයාංගම සමුගැනීමක් සංකේතවත් කරමින් රෙජිමේන්තු සැරයන් මේජර් කඳවුරෙන් පිටවයන ලදි.