?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

08th December 2025 17:28:00 Hours

20 වන ගජබා රෙජිමේන්තුව විසින් ආපදා බලපෑම්වලින් පීඩාවට පත් විහාරස්ථාන සහ සිවිල් වැසියන් වෙත වියළි සලාක ආධාර බෙදා හරීන ලදි

20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවට අයත් බල ප්‍රදේශය තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත මානුෂිය ආධාර ලබාදීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 06, 07 සහ 08 යන දිනවල දී සංවිධානය කර පවත්වන ලදී. මෙම වැඩසටහනට පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටි පන්සල් අටකට සහ සිවිල් වැසියන් වෙත රු. 5,000.00 පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය මලු බෙදා දීම සිදු කරන ලදි.

මහාචාර්ය සුභාෂිනී සේනාධීර, වෛද්‍ය වරුණි සේනාධීර, ආචාර්ය භාග්‍යා සේනාධීර, එස්.පී.ජී.සී සේනාධීර මහතා සහ ඈපා සෙනවිරත්න මහත්මිය විසින් සපයන ලද රුපියල් 400,000.00 ක පමණ ත්‍යාගශීලී මූල්‍ය අනුග්‍රාහක දායකත්වය හරහා මානුෂීය වශයෙන් අත්‍යවශ්‍ය අවස්ථාවේදී ව්‍යසනයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහ පූජ්‍ය හිමිවරුන්ට අත්‍යවශ්‍ය සැපයුම් කාලෝචිත ලෙස සැපයීමට හැකි වින ලදි.

ගජබා රෙජිමේන්තුවේ 20 වන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ගරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සෘජු අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී. ප්‍රජා සුභසාධන මුලපිරීම ඵලදායී හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයන් 03 × 10 ක භට පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.