?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

08th December 2025 16:38:52 Hours

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගජබා සාමාජිකයින් සඳහා කාලෝචිත ආධාර

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පීඩාවට පත් ගජබා රෙජිමේන්තු සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීම සඳහා ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සමඟ එක්ව රෙජිමේන්තු අධිපති තුමන්ගේ මඟ පෙන්වීම සහ නායකත්වය යටතේ පුළුල් සහන වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනේ කොටසක් ලෙස, දිවයින පුරා පවුල් 161 ක් සඳහා වියළි සලාක සහ අනෙකුත් අත්‍යවශ්‍ය අවශ්‍යතා බෙදා දෙන ලදී.

මුලතිව්, වවුනියාව, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, අම්පාර, මාතලේ, දිස්ත්‍රික්ක වල ගජබා සේවා වනිතා ශාඛාවේ අනු කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වය සහ සහයෝගය මත 2025 දෙසැම්බර් 06, 07 සහ 08 යන දිනවල බෙදාහැරීමේ කටයුතු සාර්ථකව සිදු කරන ලදී.