?
10th December 2025 11:27:53 Hours
අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරඟාවලිය - 2025, පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2025 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්විණි.
තරඟාවලිය ආරම්භසේ සිට අවසානය තෙක්ම ගජබා රෙජිමේන්තුව කැපී පෙනෙන කුසලතා සහ දක්ෂතාවය පෙන්නුම් කළ අතර, තරඟාවලියේ සමස්ත කණ්ඩායම් අනුශූරතාවය දිනා ගැනීමට සහ පහත සඳහන් ජයග්‍රණ ලබා ගැනීමට සමත් වන ලදි.
විවෘත පිරිමි කේවල – ශූරතාවය
විවෘත පිරිමි ද්විත්ව – ශූරයා
විවෘත පිරිමි කේවල - තෙවන ස්ථානය (අවුරුදු 40 ට වැඩි)
ආධුනික පිරිමි කේවල - තෙවන ස්ථානය
රෙජිමේන්තුව නියෝජනය කරන ලද මෙම ක්‍රීඩා කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් සිදුකරන ලද පුහුණුව, කැපවීම සහ විශිෂ්ට කාර්ය සාධනය වෙනුවෙන් ඔවුන් වෙත සුබ පතන්නෙමු.