?
25th November 2025 23:55:26 Hours
ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් 13 ක් සහ පාබල සෙබළුන් 75 ක් ඇතුළුව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගෙන් නිලධාරීන් 34 දෙනෙකු සහ අනෙකුත් නිලයන් 101 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මිත්‍ර ශක්ති අභ්‍යාස XI සාර්ථකව නිම කිරීමෙන් පසු 2025 නොවැම්බර් 22 වන දින දිවයිනට ආපසු පැමිණෙන ලදි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය හමුදාව අතර පවත්වන ලද මෙම ඒකාබද්ධ හමුදා පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් 10 වන දින සිට 22 වන දින දක්වා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙලගාවි හි විදේශ පුහුණු නෝඩ් (FTN) හිදී පැවැත්විණි.
මෙම අභ්‍යාසය දැනුම සහ තාක්ෂණය බෙදා ගැනීම, හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම, සංස්කෘතික අවබෝධය වර්ධනය කිරීම සහ හමුදා දෙක අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී පුහුණු අභ්‍යාසයක් විය.