?
04th November 2025 15:40:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය වෙනුවෙන් නව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් තැබූ 2 (ස්වේච්ඡා) බළඇණියේ පාබල සෙබළ පියතිස්ස ආර් ඩබ්ලිව් වී ගේ විශිෂ්ට ජයග්‍රහණයට ගෞරව දැක්වීම සහ සැමරීම සඳහා 2025 නොවැම්බර් 03 වන දින "ගජබා නිවහනේ දි" ගෞරවනීය උපහාර උත්සවයක් පැවැත්වීය.
මෙම අවස්ථාවට රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වූ අතර, පාබල සෙබළ පියතිස්ස සහ ඔහුගේ පවුලේ අය රෙජිමේන්තු මධ්‍යස්ථානයට උණුසුම් ලෙස පිළිගන්නා ලදි. පූර්ණ දෘශ්‍යාබාධිත ගජබා ප්‍රවීණයෙකු ලෙස අභියෝග ජය ගැනීමේදී ඔහුගේ අසාමාන්‍ය විඳදරාගැනීම සහ අධිෂ්ඨානය ඉස්මතු කරමින් ගජබා දේශප්‍රේමී රණශූරයාගේ ජීවන ගමන නිරූපණය කරන විශේෂ වීඩියෝ ඉදිරිපත් කිරීමකින් උත්සවය ආරම්භ විය.
රැස්ව සිටි පිරිස අමතමින්, රෙජිමේන්තු අදිපති තුමන් පාබල සෙබළ පියතිස්සගේ නොසැලෙන ආත්ම විශ්වාසය, ධෛර්යය සහ නොපසුබට උත්සාහය අගය කළ අතර, ඔහුගේ වාර්තාගත ජයග්‍රහණය ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් රණශූරයන්ගේ ශක්තිය හා ධෛර්යය පිළිබඳ සාක්ෂියක් ලෙස විස්තර කළේය.
පාබල සෙබළ පියතිස්ස වෙත කෘතඥතාව පළ කරමින්, ඔහුගේ සුවිශේෂී පෞද්ගලික ජයග්‍රහණය රෙජිමේන්තුවට ගෙන දුන් ගෞරවය අගය කරමින්, රෙජිමේන්තු අධිපතිතුමා විසින් වටිනා ත්‍යාග සහ සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. ඔහුගේ පවුලේ අය විසින් ඔහුගේ ජයග්‍රහණ සඳහා කල කැප කිරිම් වෙනුවෙන් ඔවුන් වෙතද සමරු තිළිණ පිරිනැමීමෙන් රෙජිමේන්තුවේ කෘතඥතාව පළ කරන ලදී. පසුව ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින්ගේ සුහදතාවය සහ සහෝදරත්වය සංකේතවත් කරමින් පවත්වන ලද තේ පැන් සංග්‍රහයකින් උත්සවය අවසන් විය.