?
25th August 2025 17:00:15 Hours
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි වන්දනා වැඩසටහන 2025 අගෝස්තු 23 සහ 24, යන දිනවල ගජබා රෙජිමේන්තුව විසින් ඉන්දි පදනම සමඟ සහයෝගයෙන් පවත්වන ලදී. මෙම වැඩසටහන ආරක්ෂක සේනා (බටහිර) අඥාපති සහ ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ සමීප අධීක්ෂණය යටතේ පවත්වන ලදී.
මෙම වසරේ උත්සවයට රෝහලේ නේවාසික රෝගීන් 43 දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන්, ඥාතීන් සහ මිතුරන් සමඟ සහභාගී විය. රෝගීන්ට, මෙම වන්දනා ගමන රෝහල් බිත්තිවලින් පිටතට යාමට, ආගමික වතාවත්වල යෙදීමට සහ පූජනීය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල ප්‍රීතියේ සහ අධ්‍යාත්මික ශක්තියේ අවස්ථා සොයා ගැනීමට අවස්ථාවක් විය.
ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදාරි අනුපමා ගමගේ මහත්මිය විසින් මෙම වැඩසටහන ඉතා සූක්ක්‍ෂම ලෙස අධීක්ෂණය කරන ලද අතර, දින දෙකක් පුරා පැවති මෙම උත්සවය පුරාවටම දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල රැකවරණය සහ යහපැවැත්ම සහතික කරන ලදී. එතුමියගේ කැපවූ සහභාගීත්වයෙන් පිළිබිඹු වූයේ දයානුකම්පාව සහ මානුෂීය සේවය සඳහා සේවා වනිතා ශාඛාවේ කැපවීමයි.
ආගමික වතාවත්වලට අමතරව, අගෝස්තු 24 වන දින දරුවන්ට සතුට සහ විවේකය ගෙන ඒම සඳහා නිර්මාණය කරන ලද සංගීත ප්‍රසංග සහ ක්‍රියාකාරකම් වලින් පිරුණු විනෝදාස්වාද වැඩසටහන් මෙම උත්සවයේදී පැවැත්විණි. මෙම ප්‍රීතිමත් අවස්ථාවන් හමුදාව, සිවිල් සමාජය සහ රෝහල් ප්‍රජාව අතර බැඳීම ශක්තිමත් කළේය.
වාර්ෂික වන්දනා ගමන නැවත වරක් ඇදහිල්ල, එකමුතුකම සහ දයානුකම්පාවේ සංකේතයක් ලෙස නැගී සිටි අතර, පුළුල් ප්‍රජාවට සේවය කිරීම සඳහා ගජබා රෙජිමේන්තුවේ කැපවීම ඉස්මතු කළේය. ඉන්දි පදනම සමඟ හවුල් වීමෙන්, රෙජිමේන්තුව ජාතියේ ආරක්ෂකයෙකු ලෙස පමණක් නොව මනුෂ්‍යත්වයේ සහ සමාජ වගකීමේ කුළුණක් ලෙසද එහි කාර්යභාරය නැවත තහවුරු කළේය.