?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

09th August 2025 10:05:26 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි සෙන්පතිදුන්ගේ 33 වන ගුණ සමරු උත්සවය පවත්වන ලදි.

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වරයානන් වන දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ 33 වන අනුස්මරණ සංවත්සරය ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන්2025 අගෝස්තු මස 08 වන දින පවත්වන ලදි.

2025 අගෝස්තු මස 08 වන දින උදෑසනරෙජිමේන්තු අධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පවුලේ සාමාජිකයින් විසින් කිරිබත්ගොඩ පිහිටි දිවංගත ගජබා රෙජිමේන්තු නිර්මාතෘ තුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ඔහුගේ කීර්තිමත් සේවය සහ කැපකිරීම වෙනුවෙන් කෘත ගුණ දක්වන ලදි. තවද, දිවංගත සෙන්පතිදුන්ට ආශිර්වාද සහ පින් අනුමෝදන් කිරීම උදෙසා රුවන්වැලි මහා සෑය, කැලණිය රජමහා විහාරය සහ පනාගොඩ බෝධිරාජාරාමය යන ස්ථානවල ආගමික වතාවත් සිදු කරන ලදී.

එදින සවසගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රෙජිමේන්තුවේ නිර්මාතෘ වරයාගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර පිරිනැමීමෙන් පසුසැමරුම් කටයුතු අවසන් වූ අතර, එහිදී රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ ධෛර්යය සහ කැපවීම කල මෙම අභීත සෙන්පතිදුන් වෙත උපහාර දැක්වීය.

පසු දින මෙම වැඩසටහන් මාලාවට සමගාමීව, සාලියපුර මිත්‍ර ළමා නිවාසයෙහි විශේෂ වැඩසටහනක් පවත්වන ලද අතර, එහි දරුවන්ට සහ කාර්ය මණ්ඩලයට දිවා ආහාර පිරිනැමීම සහ විනෝදාත්මක වැඩසටහන් මගින්ගජබා රෙජිමේන්තු ප්‍රජා සුභසාධනය උදෙසා සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය පිළිබිඹූ කරන ලදි.