?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

19th July 2025 15:37:03 Hours

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් පවත්වන ලදි.

ගජබා රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ පුහුණු සැසියක් ගජබා රෙජිමේන්තු කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලා පරිශ්‍රයේදී, ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය යටතේ 2025 ජූලි 16 වන දින සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තුවේ සියලුම ඒකකවලින් කොමිෂන් නොලත් නිලධාරීන් 280 ක් සහභාගී විය. උදෑසන ශාරීරික අභ්‍යාස පුහුණු සැසියක් සහ ජාතික ධජය සහ වර්ණ කොඩි පිළිබඳ දේශනයක් වර්ණ සැරයන් එම්.ඒ.එස්. චන්ද්‍ර කුමාර විසින් පවත්වන ලදී. නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ දුම්කොළවල හානිකර බලපෑම් පිළිබඳ විශේෂ ආරාධිත දේශනයක් ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ පළාත් සම්බන්ධීකාරක චාන්දනී තමරා සෙනෙවිරත්න මහත්මිය විසින් පවත්වන ලදී.

වැඩමුළුව සඳහා සහභාගිවුවන් අතර නායකත්වය සහ කණ්ඩායම් හැඟීම ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කල කණ්ඩායම් ක්‍රියාකාරකම් ද මෙම වැඩසටහනට ඇතුළත් විය. ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි භෝජනාගාර සහකාර කළමනාකරු මේජර් ආර් එම් අයි සී එස් බණ්ඩාර විසින් භෝජනාගාර ආචාර විධි පිළිබඳ සැසියක් පවත්වන ලද අතර, එය වෘත්තීය හැසිරීම තවදුරටත් ශක්තිමත් කළේය. සහභාගී වූ කොනොනින් අතර රෙජිමේන්තු එකමුතුකම සහ සහෝදරත්වය සමඟින් ගෞරවනීය සමාප්ති රැස්වීමකින් පුහුණු වැඩමුළුව අවසන් විය.