?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

19th July 2025 14:53:19 Hours

5(ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ වර්ණ සැරයන් මංගල ඩබ්ලිව් එම් ජි ඩබ්ලිව් වෙත නව නිවසක් ඉදිකර ප්‍රධානය කරන ලදි.

ගජබා රෙජිමේන්තුවේ, 5(ස්වේච්ඡා) බළඇණියේ වර්ණ සැරයන් මංගල ඩබ්ලිව් එම් ජි ඩබ්ලිව් වෙත අලුතින් ඉදිකරන ලද නිවස ප්‍රදානය කිරීමේ උත්සවය 2025 ජූලි 9 වන දින රාජාංගනයේදී පැවැත්විණි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පි සිටිඑෆ් එන්ඩියු පිඑස්සි අයිජී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, එම උත්සවයේදී නිවසේ හිමිකරු වෙත නිල වශයෙන් යතුරු භාර දෙන ලදි. ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) අඥාපති මෙන්ම, ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී, ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදාරි අනුපමා ගමගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා සාමාජිකයින් විසින් යුද්ධ හමුදාධිපති තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියාවේ පදිංචි ආචාර්ය ගයාත්‍රි සල්ගාදු (එම්බිබිඑස්, එෆ්ඒසිජිපි) සහ ආචාර්ය ප්‍රසාද් ගුණරුවන් (එම්බිබිඑස්, එෆ්ආර්ඒසිපි, පිඑච්ඩි, එම්ආරසිපී) යන අයගේ ත්‍යාගශීලී පරිත්‍යාග හරහා සිදු කරන ලද අතර, ඔවුන්ගේ දායකත්වයන් සම්බන්ධීකරණය කරන ලද්දේ මේජර් ජෙනරාල් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ගජබා සේවා වනිතා ශාඛාවේ හිටපු ලේකම් ආචාර්ය සමන්තා නිලන්ති ද සිල්වා මහත්මිය විසිනි. 5(ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය සහ සේවා වනිතා ශාඛාව සමඟ සහයෝගයෙන්, එම ඒකක භට පිරිස් විසින් ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම සහ රෙජිමේන්තු සහයෝගීතාවය සංකේතවත් කරමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.