?
29th June 2025 11:30:12 Hours
ගජබා සේවා වනිතා ශාඛාවේ නව ගරු සභාපතිනිය ලෙස උදාරි අනුපමා ගමගේ මහත්මිය නිල වශයෙන් වැඩ භාර ගත්තාය. ගජබා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී නව සභාපතිනිය ලෙස නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි.
රාජකාරි භාරගැනීමෙන් අනතුරුව උදාරි අනුපමා ගමගේ මහත්මිය රෙජිමේන්තු කාර්ය මණ්ඩලයට සහ සේවා වනිතා සාමාජිකාවන්ට මීට පෙර පැවති සේවා වනිතා උත්සව වලදී ලබා දුන් සහයෝගයට සිය කෘතඥතාව පළ කළාය. සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අභිවෘධිය සහතික කරමින්, වටිනා සුභසාධන ව්‍යාපෘති රාශියක් ආරම්භ කරන බවටද එතුමිය ප්‍රකාශ කරන ලදි. ගජබා සේවා වනිතා ශාඛාවේ හෘධයාංගම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, අවයව අහිමි වූ සොල්දාදුවෙක් වෙත රුපියල් 25,000 ක පරිත්‍යාගයක්ද සිදු කරන ලදී.
මෙම උත්සව අවස්ථාවට සහභාගී වන ලද සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ නව සභාපතිනිය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සේවා වනිතා උත්සව සහ එම උත්සව සාර්ථකව පැවැත්වීම සඳහා සූදානම් වීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී.