?
28th June 2025 15:00:12 Hours
අභිමානවත් ගජබා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති වරයා ලෙස මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩිසි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෙටේරියන් නායකත්වය අභිමානවත් කිරීම උදෙසා 2025 ජුනි 26 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් රාජකාරි භාරගන්නා ලදි.
ගජබා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපතිවරයා රෙජිමේන්තු මූලස්ථාන ප්‍රධාන දොරටුව අසලදී ගෞරවනීය හමුදා සම්මාන මුරයක් ලබාදී උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසු. ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ පියතුමාගේ පිළිරුවට මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව, සම්මාන පෙළපාලියේ ආචාරය පිළිගත් අතර, එහිදී එතුමන්ට සහාය දුන් සහ රෙජිමේන්තුවේ විශිෂ්ටත්වයට දායක වූ සැමට හෘදයාංගම කෘතඥතාව පළ කළේය. ඉන්පසු ආගමික ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් සංඛේතාත්මක ලේඛනයට අත්සන් කිරීමෙන් නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි.
ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනීසිටීම, සංකේතාත්මක පැළයක් සිටුවීම, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගීවීම සහ අවසානයේ නිලධාරී නිවස්නයේදී නිලධාරීන් ඇමතීම මගින් දිනයේ උත්සව කටයුතු අවසන් වන ලදි.
රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් නව රෙජිමේන්තු අධිපති තුමන්ගේ අනාගත කටයුතු වල සාර්ථකත්වය වෙනුවෙන් සුභ පතන ලදි.