?
22nd June 2025 21:44:02 Hours
ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් එම් ඩබ්ලිව් එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සීපීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි මෑතකදී මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම පිළිබඳව උපහාර දැක්වීම සඳහා 2025 ජුනි 18 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් උපහාර උත්සවයක් පවත්වන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් උත්සවය ආරම්භ වූ අතර, ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අනුස්මරණය කරමින් එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
ඉන්පසුව, ගජබා රෙජිමේන්තුවේ සම්ප්‍රධායානුකූලව ඉහළම හමුදා සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරමින්, අලුතින් උසස් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීට ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. උත්සවය අවසන් වූයේ සියලු නිල තේ පැන් සංග්‍රහයකින් වන අතර, එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පැමිණ සිටි සියලු දෙනා අතර සුහදතාවය වර්ධනය කරමින් සුහද කතාබහක නිරත විය.