Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

03rd June 2025 12:17:46 Hours

12 වන බලඇණියේ ගජබා රෙජිමේන්තුව විසින් කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයට සංගීත භාණ්ඩ පරිත්‍යාගයක්

ගජබා රෙජිමේන්තුවේ 12 වන බලඇණිය විසින් කිරින්දගම ප්‍රාථමික විද්‍යාලය වෙත නොමිලේ සංගීත භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් 2025 මැයි 10 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන මඟින් පාසල් තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය ‘බේස් ඩ්‍රම්, සයිඩ් ඩ්‍රම්, ඩ්‍රම්ස් ස්ටික්, සිම්බල්, මෙලෝඩිකා, මවුත් ඕගන් සහ ටැම්බොරින් යන භාණ්ඩ නොමිලේ බෙදා දෙන ලදී.

මෙම පරිත්‍යාගය සඳහා අනුග්‍රහය දැක්වූයේ මේජර් ජෙනරාල් ලාල්ගුණසේකර ආර්එස්පී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික), මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික), මහාචාර්ය නිමල රාජපක්‍ෂ, චානක කලන්සූරිය මහතා සහ නිරාජ් මුතුකුඩ මහතා විසිනි.