Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

14th May 2025 08:25:07 Hours

මේජර් ජෙනරාල් ලක්ෂාන් ද සිල්වා ජ්‍යේෂ්ඨ නිලධාරි විශ්‍රාම යාම වෙනුවෙන් ගජබා නිවහනේදී වර්ණවත් සමුගැනීමේ උත්සවයක් පවත්වන ලදි.

කීර්තිමත් හමුදා දිවියේ වසර 34 කට අධික කාලයක් පුරා සමස්ථ ජාතියටත් ගජබා රෙජිමේන්තුවටත් කරන ලද අද්විතීය කාර්‍යභාරයේ සමාප්තිය සනිටුහන් කරනු ලබන මේජර් ජෙනරාල් ලක්ෂාන් ද සිල්වා ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමුගැනීමේ උත්සවයක් හා රාත්‍රි භෝජන සංග්‍රහයක් 2025 මැයි මස 04 වන දින පවත් වන ලදි.

අභිමානවත් කඳවුරු මුරයක් පිරිනමමින් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරි පිළිගන්නා ලදි. අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි සෙන්පතිඳුන් ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරි ගජබා රෙජිමේන්තුව වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් සහ විශිෂ්ඨ සේවය අගයමින් රෙජිමේන්තු සරඹ භූමියේදී වර්ණවත් පෙළපාලියකින් ගෞරවය පුද කරන ලදී. අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදී පැමිණ සිටි අය සමඟ සුහඳ කතාබහක නිරත විය.

උත්සවයේ අවසානය සනිටුහන් කරමින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, රෙජිමේන්තු නිලධාරී නිවස්න භෝජනාගාරයේ පැවති එම උත්සවය සඳහා ගජබා රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගජබා සේවා වනිතා ශාඛාවේ විධායක සාමාජිකාවන්, මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වීය.

ගජබා රෙජිමේන්තුවටත්, සමස්ථ ජාතියටත් කළ විශිෂ්ඨ සේවය වෙනුවෙන්, රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරාල් ලක්ෂාන් ද සිල්වා ආර්එස්පී යූඑස්පී එන්පීඑස්සී පිඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත සිය ගෞරවනීය කෘතඥතාව පළ කල අතර, ඔහුගේ විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කරනලදි.