15th March 2025 11:16:07 Hours
කීර්තිමත් ගජබා රෙජිමේන්තුවේ 28 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රොෂාන් කළුපහන ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 03 වන සඳුදා දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
එදින වැඩසටහනෙහි ආරම්භය සනිටුහන් කරමින් නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විචිත්‍රවත් සම්මාන මුරයක්' සමඟින් පිළිගත් අතර, පසුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිදුන්ගේ පිළිරුවට මල් කළඹක් තැන්පත් කරන ලදී. ඉන් අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය.
ඉන්පසු එම අවස්ථාවට සහභාගී වූ සියලුම නිලධාරීන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්, පසුව මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නා පැළයක් සිටුවීම සිදුකරන ලදී.
සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකින් පසුව දිනයේ උත්සවය අවසන් වූ අතර, එහිදි නව මධ්‍යස්ථාන සේනාවිධායකවරයා මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනා සමඟ සුහද කතාබහක නිරත විය. නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම උත්සවය සඳහා සහභාගී වූහ.