15th March 2025 11:14:14 Hours
ගජබා රෙජිමේන්තුවේ 27 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාකාරි කල බ්‍රිගේඩියර් තනුජගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මාර්තු 01 වන දින එම තනතුරේ රාජකාරි නිල වශයෙන් නිමා කරන ලදි.
වැඩසටහනේ පළමු අදියර ලෙස මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වෙත සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ඉන් පසු දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
පසුව, සේනාවිධායකතුමා පෙළපාළි භූමියට පැමිණි අතර, අලංකාර ලෙස සැරසුණු ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් ඉදිරිපත් කරන ලද වර්ණවත් පෙළපාළියේ ආචාරය පිළිගැනීමට ඔහුට ආරාධනා කරන ලදී.
සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයකින් පසුව උත්සවය අවසන් වූ අතර, එහිදී නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායකවරයා භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.
ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින්, නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හට ගජබා නිවහනෙහි අභිවෘද්ධිය සඳහා කරන ලද ප්‍රශංසනීය සේවය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන ලදි