Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th February 2025 15:04:13 Hours

10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී සිය තනතුරේ රාජකාරි ආරම්භ කරයි.

10 වන බලඇණියේ ගජබා රෙජිමේන්තුවේ 18 වන අණදෙන නිලධාරි ලෙස මේජර් එන්ඒ අබේගුණවර්ධන ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි 30 වන දින මහනුවර බලඇණි මූලස්ථානයේ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කරන ලදී.

ගෞරවාචාර සහිතව උත්සව කටයුතු ආරම්භ වූ අතර, ඉන් අනතුරුව උත්සවාකාර පෙළපාළියකින් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළ සිටුවීම සිදුකරන ලදි. පසුව සියලුම නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, උත්සව අවස්ථාවට සහභාගී වී සිටි භට පිරිස් ඇමතීමෙන් උත්සවය අවසන් විය.

රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් නව තනතුර වෙනුවෙන් සහ ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එක් කරන ලදි.