Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th February 2025 15:02:46 Hours

20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී සිය තනතුරේ රාජකාරි ආරම්භ කරයි

20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 08 වන අණදෙන නිලධාරී ලෙස මේජර් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි 29 වන දින පුල්මුඩේ හි පිහිටි එකක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

නව අණදෙන නිලධාරීතුමන් කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේදී, දෙවන අණදෙන නිලධාරී මේජර් ප්‍රභාත් මිරිහාගොඩ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, කඳවුරු සම්මාන මුරයක් සහ විචිත්‍රවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි. පසුව සුභ මොහොතින් ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාර ගන්නා ලදී.

තවද, මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අණදෙන නිලධාරීතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, ඉන් අනතුරුව භඨපිරිස් ඇමතීමෙන් පසු බලඇණි කොනොනි සමාජ ශාලාවේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී විය. එහිදි සහභාගී වූ භඨපිරිස් සමඟ සුහද කතාබහකද නිරත විය.

රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මණ්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඔහුගේ නව තනතුර සහ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එක් කරන ලදි.