Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

19th January 2025 21:46:04 Hours

2025 අන්තර්-රෙජිමේන්තු පිහිනුම් සහ ජල පෝලෝ ශූරතා තරඟාවලියේ අනුශූරතාව ගජබා රෙජිමේන්තුවට

2025 අන්තර් රෙජිමේන්තු පිහිනුම් සහ ජල පෝලෝ ශූරතා තරඟාවලිය යුද හමුදා පිහිනුම් තටාකය - පනාගොඩ දී පැවති අතර, ගජබා රෙජිමේන්තු ක්‍රිඩකයින් විසින් තරඟාවලියේ අනුශූරතාවය දිනා ගන්නා ලදි. මෙම තරඟාවලියේදී ගජබා රෙජිමේන්තු ක්‍රිඩකයින් විසින් ශ්‍රි ලංකා යුද හමුදාවේ අනෙකුත් රෙජිමේන්තු අතර කැපී පෙනෙන දක්ෂතා සහ දැඩි තරඟකාරිත්වයක් පෙන්නුම් කරන ලදි.

මෙම ජයග්‍රහණය ගජබා රෙජිමේන්තුවේ කැපවීම, කණ්ඩායම් හැඟීම සහ ක්‍රිඩා විශිෂ්ටත්වය ඉස්මතු කරන අතර, හමුදා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේම ජව සම්පන්න බලවේගයක් ලෙස ඔවුන්ගේ කීර්ති නාමය තහවුරු කරයි. කෙටේරියන්ස් පවුලේ සියළුම සාමාජිකයින් විසින් රෙජිමේන්තු ක්‍රීඩා කණ්ඩායමට ඔවුන්ගේ විශිෂ්ඨ කැපවීම සහ අධිෂ්ඨානය වෙනුවෙන් සුබ පතන ලදි.