19th January 2025 21:38:30 Hours
ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ගෞරවනීය සාමාජිකයින් වන මේජර් ජෙනරාල් රොහාන් රාජපක්ෂ (විශ්‍රාමික) ආර්එස්පී, බ්‍රිගේඩියර් මහින්ද රාජපක්ෂ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ ගේඩියර් රජිත් ජයසේකර (විශ්‍රාමික) ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් උපහාර දැක්වීම සඳහා 2025 ජනවාරි 17 වන දින විචිත්‍රවත් සමුගැනීමේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.
ගජබා රෙජිමේන්තුවටත් ශ්‍රි ලංකා යුධ හමුදාවට මෙන්ම සමස්ත ජාතියටම කරන ලද විශිෂ්ට සේවයට ගෞරවය සහ කෘතඥතාව පළ කිරීම සඳහා ගෞරවනීය සමුගැනීමේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියුප්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සමුගැනීමේ කතාව කරමින්, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රෙජිමේන්තුවට කරන ලද අමිල සේවය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, ඔවුන්ගේ ආදරණීයයන් සමඟ ඔවුන්ගේ අනාගත උත්සාහයන් සඳහා සතුට සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කළේය.
රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ගජබා සේවා වනිතා ශාඛාවේ විධායක සාමාජිකාවන් මෙන්ම ම ධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟ නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවය වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයට සහභාගී වූහ.