Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

19th January 2025 21:21:15 Hours

විශ්‍රාමික කීර්තිමත් කීටේරියන්වරු දෙදෙනෙකුට සමුදීමේ ගෞරවනීය ආචාරය පිරිනමන ලදී.

ගජබා රෙජිමේන්තුව සාඩම්බර පුතුන් වූ 54 වන පාබල සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොහාන් රාජපක්ෂ ආර්එස්පී සහ අම්පාර සටන් පුහුණු පාසලේ හිටපු අණදෙන නිලධාරී බ්රි්ගේඩියර් මහින්ද රාජපක්ෂ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්යෙලෂ්ඨ නිලධාරින් දශක තුනකට අධික කාලයක් පුරා විශිෂ්ඨ හා කීර්තිමත් හමුදා සේවයකින් පසු සේවයෙන් විශ්රා ම යාම නිමිත්තෙන් 2025 ජනවාරි 17 වන දින ගජබා රෙජිමේන්තු මධ්යේස්ථානයේදී සමුගැනීමේ ගෞරවනීය ආචාරය පිරිනමන ලදී.

ශ්රීි ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්යව මාණ්ඩලික ප්රරධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් චන්දන වික්ර මසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියුප්එස්සී ජ්යෙජෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ චාරිත්රාිනුකූල කඳවුරු සම්මාන මුරයක් සහ ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අනුස්මරණ පුෂ්පෝපහාරයක් සමඟින් උත්සවය ආරම්භ කරන ලදී. ඉන්පසුව, විශ්රාපම යන ජ්යෙපෂ්ඨ නිලධාරීන්ට ගජබා රෙජිමේන්තුවට කරන ලද කැපවූ සහ කැපී පෙනෙන සේවය වෙනුවෙන් රෙජිමේන්තුවේ ගෞරවය සහ ප්ර‍ශංසාව ලබා දෙමින් වෙනම සම්මාන පෙළපාළි මගින් ගෞරවාචාරය පිරිනමන ලදී. උත්සවය සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්රැහයකින් අවසන් වූ අතර, විශ්රාරම යන ජ්යෙෙෂ්ඨ නිලධාරින් පැමිණ සිටි සියලු දෙනා සමඟ සුහද කතාබහක නිරත විය.

මෙම උත්සව අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්රමණ සභාවේ සාමාජික ජ්යෙ ෂ්ඨ නිලධාරින්, මධ්යවස්ථාන සේනාවිධායක, ජ්යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු මූලස්ථානයේ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.