Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

14th January 2025 23:09:59 Hours

3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව සිය 39 වන සංවත්සරය සමරනු ලබයි.

3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 39 වන සංවත්සරය අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිරෝෂන් වීරක්කොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්යෙසෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ 2025 ජනවාරි 12 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර සැමරුම විවිධ ආගමික වතාවත් වලට අනුව, බලඇණියේ ධජයට සෙත් පැතීම, මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ රාජකාරියේ නිරත සහ විශ්රාමමික සාමාජිකයින්ට සිවිල් සේවක මහත්වරුන්ටද ආශිර්වාද ලබාදෙමින් ආගමික වතාවත් සිදුකරන ලදි.

ජනවාරි 12 වන දින, අණදෙන නිලධාරී වෙත කඳවුරු මුරයක් සහ වර්ණවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. පසුව, මෙම අවස්ථාව සිහිපත් කිරීම සඳහා, අණදෙන නිලධාරී කඳවුරු පරිශ්රියේ පැළයක් රෝපණය කරන ලදි. සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්රඳහයක් පවත්වමින් ස්වත්සර උත්සවයේ නිමාව සනිටුහන් කල අතර, එහිදී අණදෙන නිලධාරී බලඇණියේ සාමාජිකයින් සමඟ සුහද කතාබහක නිරත විය.