Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

09th January 2025 10:20:45 Hours

ගජබා රෙජිමේන්තුවේ 10 වන බලඇණිය සිය 31 වන සංවත්සරය සමරයි.

10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 31 වන සංවත්සරය අණදෙන නිලධාරී මේජර් නිශාන්ත වීරතුංග ආර්එස්පී යන ජ්යෙිෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, 2025 ජනවාරි 07 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර සැමරුම ක්රීිඩා ඉසව් මාලාවක් සහ විවිධ ආගමික වතාවත් සමඟ ආරම්භ වූ අතර, මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් සහ බලඇණියේ ධජයට මෙන්ම එහි සේවය කරන සහ විශ්රාgමික සාමාජිකයින්ට සෙත් පතමින් ආගමික ආශිර්වාද පුජාවන් සිදු කරන ලදී.

ජනවාරි මස 07 වන දින පැවති උත්සවයේ කටයුතු ආරම්භ කරමින් අණදෙන නිලධාරී වෙත කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු සම්මාන පෙළපාලියක් ද පවත්වන ලදි. පසුව, සියලු නිලයන්ගේ දිවා භෝජන සංග්රfහයක් පවත්වන ලද අතර, එහිදී අණදෙන නිලධාරී බලඇණියේ සාමාජිකයින් සමඟ සුහද කතාබහක නිරත විය.