09th January 2025 10:29:09 Hours
ජනකපුර ගජබා රෙජිමේන්තුවේ 9 වන බලඇණියේ 11 වන අණදෙන නිලධාරී ලෙස මේජර් මංජුල ජයදේව ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි 08 වන දින සුභ මොහොතින්, රාජකාරි භාර ගන්නා ලදී.
ගජබා රෙජිමේන්තුවේ 9 වන බලඇණි මූලස්ථානය වෙත පැමිණි නව අණදෙන නිලධාරි ඒකකයේ දෙවන අණදෙන නිලධාරි වන මේජර් දේවින්ද තිස්සගේ පීඑස්සී විසින් උණුසම්ව පිළිගැනීමෙන් අනතුරුව ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සුබ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.
තවද, මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අණදෙන නිලධාරීවරයා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, ඉන් අනතුරුව භට පිරිස් ඇමතීම සිදු කරන ලදී. පසුව බලඇණි සම්මන්ත්රණ ශාලාවේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර, එහිදී අණදෙන නිලධාරි විසින් රැස්ව සිටි භඨපිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් අණදෙන නිලධාරිගේ නව පත්වීමට සහ ඔහුගේ අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එක් කරන ලදි.