07th December 2024 10:30:15 Hours
ගජබා රෙජිමේන්තුවේ පළමු රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් රාජකාරි කරන ලද සෙ/75050 බලලත් නිලධාරි 1 ජී උපසිංහ සහ 3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර් වරුන්ගේ සුහද හමුවක් 2024 දෙසැම්බර් 07 වන දින ගජබා නිවහනේදී පැවැත්විණි. සම්භාවනීය ප්‍රවීණයන්ට ආදරණීය මතකයන් ආවර්ජනය කිරීමට සහ වසර ගණනාවක ඔවුන්ගේ කැප කිරීම් මුසු වූ අත්දැකීම් බෙදා ගැනිමට මෙම අවස්ථාව තෝතැන්නක් විය.
ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිදුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමෙන් එදින වැඩසටහන ආරම්භ කල අතර, ඉන් අනතුරුව තම මාතෘභූමිය වෙනුවෙන් ජිවිත පරිත්‍යාගය කළ රෙජිමේන්තුවේ සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින් සිහිපත් කිරීම සඳහා ගජබා රණවිරු ස්මාරකයටද පුෂ්පෝපහාර දැක්වීම මෙම ප්‍රවීණයන් විසින් සිදුකරන ලදි.
එදින සන්ධ්‍යාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් තනුජ ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සහ සියලුම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, බළලත් නිලධාරී සැරයන් නිවස්නයේදී පවත්වන ලද සුහද හමුවකින් වැඩසටහනේ නිමාව සනිටුහන් කරන ලදි.