14th November 2024 12:34:10 Hours
ඛේදජනක පුනරීන් ප්‍රහාරයෙන් මියගිය, අතුරුදහන් වූ සහ තුවාල ලැබූ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා සමරු වැඩසටහන් මාලාවක්ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය)සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජි ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සි බි වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද අතර, ගජබා රෙජිමේන්තුවේරෙජිමේන්තු අධිපති,මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම සැමරුම 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් කේ එන් සී ජයවර්ධන ආර් එස් පී එන්ඩීසී ගේ අධීක්ෂණය යටතේ 552 පාබල බලසේනාවේ දී පැවැත්වූ අතර, මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් සංවිධානය කරන ලද ආගමික මෙහෙයක් සහ පුණ්‍ය කටයුතුමෙම වැඩසටහන මගින් සිදුකරන ලදි.
මෙම සැමරුම් උත්සවයට සමගාමීව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් පුත්තූර් ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ දී වැඩිහිටියන් 19 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකුට මූලික අවශ්‍යතා සහ දිවා ආහාරය ලබා දෙමින් විශේෂ ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කරමින් අපගේ අභීත වීරුවන් විසින් සිදුකරන ලද කැපකිරීම් උදෙසා කෘතඥතාව සහ ගෞරවය පිදීම පිළිබිඹු කරන ලදි.