Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

13th November 2024 18:43:31 Hours

වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි සැමරුම - 2024

2024 වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි සැමරුමට සමගාමීව පොපි මල් පැළඳවීමේ උත්සවයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ගජබා ප්‍රවීණයන්ගේ සංගමයේ සහයෝගයද ඇතිව ගජබා ප්‍රවිණයන්ගේ සංගමයේ සභාපතිගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදි.

ගෝලීය සම්ප්‍රදායට අනුව සංවිධානය කරන ලද පොපි මල් පැළඳවීම 1918 නොවැම්බර් 11 වන දින දක්වා අතීතයට දිවෙන අතර පළමු ලෝක සංග්‍රාමයේ කර්නල් ජෝන් මැක්‍රේ විසින් රචිත "ඉන් ෆ්ලැන්ඩර්ස් ෆීල්ඩ්ස්" කාව්‍යයේ ආභාසය අනුව, එය සොල්දාදුවන් විසින් යුද්ධයේදී කරන ලද ලේ වැගිරීම් සහ ජීවිත පරිත්‍යාග සංකේතවත් කරයි. පොපි සැරමරුම මගින් උපයන අරමුදල, හිටපු හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල විවිධ සුබසාධන කටයුතු සඳහා දායකත්වයක් ලබාදේ.

ගජබා ප්‍රවීණයන්ගේ සංගමයේ අනුරාධපුර, කැකිරාව සහ කහටගස්දිගිලිය කොට්ඨාශවල සභාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් 2024 නොවැම්බර් 04 වන දින ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ සහ කාර්යාල කාර්ය මණ්ඩලය වෙත සංකේතාත්මකව පොපි මල පැළඳවීම සිදු කරන ලදී.

මේ අතර, ගජබා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් ත්‍රිවිධ හමුදා අනුස්මරණ පොපි මල් දිනය සමරමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල සහ කාර්ය මණ්ඩලය වෙත පොපි මල පැළඳවීම සිදුකරන ලද අතර, මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ද සහභාගී වන ලදි.