Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

01st November 2024 14:28:20 Hours

කෙටේරි ක්‍රීඩකයින් ඇගයීමේ උපහාර උළෙලක්

කෙලිබිම ජයකෙහෙලි නැංවු කෙටේරි ක්‍රීඩකයින් ඇගයීමට ලක්කරමින් උපහාර උළෙලක් 2024 ඔක්තෝබර් මස 27 දින සංධ්‍යාවේ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සී බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී විය.

මෙම විචිත්‍රවත් අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රන සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ යුධ හමුදාව තුළ විශිෂ්ඨ දස්කම් දැක්වු ගජබා රෙජිමේන්තු ක්‍රීඩා කණ්ඩායම්හී සාමාජිකයින් එකතුවී සිටියහ.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණීමෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරමින් ගජබා ගීතය ගායනා කළ අතර, යුද බිමෙදි දිවිපිදු වීරෝධාර රණවිරුවන් සිහිකර විනාඩි දෙකක ගෞරවනීය නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. ඉන් අනතුරුව එම ක්‍රීඩකයින්ගේ විශ්වාසනීය ධෛර්යය ඉහල නැංවීට හා ඔවුන් අභිප්‍රේරණය කරමින් වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරන ලදි.

පසුව මෙම වසරේ පැවති ක්‍රිඩා තරඟ වලදි විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් ශූරතාවයන් හා අනුශූරතාවයන් දිනා ගෙන රෙජිමේන්තුවෙහි අභිමානය ඉහල නැංවු ක්‍රීඩා කණ්ඩායම්හි උපදේශකයින් හා ක්‍රීඩකයින් ඇගයීම සිදුවු අතර ඔවුන් සමුහ ඡායාරුපයකටද පෙනි සිටියහ.

එම අවස්ථාව වර්ණවත් කරමින් රෙජිමේන්තු නර්තන හා සංස්කෘතික කණ්ඩායම් විසින් කෙටේරි පවුලේ උරුමය හා අභිමානය විදහා පාමින් අලංකාරවත් නර්තන අංගයන් කිහිපයක් ඉදිරිපත් කරන ලදි. අනතුරුව රෙජිමේන්තු අධිපති තුමන් විසින් රෙජිමේන්තුවෙහි කීර්තිය ඉහල නංවමින් ක්‍රීඩා කටයුතු සිදුකල ක්‍රීඩකයින් හා එම පුහුණු කරුවන් ඇයීමට ලක්කරමින් ඉතා වටිනා දේශනයක් සිදුකරන ලද අතර, එතකින් පසු උත්සවයෙහි වැඩ කටයුතු අවසන් විය.