Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

01st October 2024 16:06:05 Hours

ගජබා රෙජිමේන්තු යතුරුපැදි ධාවක බුද්ධික සෙනවිරත්න විසින් මහමේරුව රැලි ක්‍රොස්-2024 සුපර් මෝටාර්ඩ් 250 සීසී සහ 450 සීසී විවෘත ඉසව්වල නැගී එන ශූරයා සහ පළමු අනුශූරතාව හිමිකර ගනී

2024 ජනවාරි 13 සිට 14 දක්වා ගිරිඋල්ල මහමේරුව මෝටර් රථ ධාවන පථයේදී පවත්වන ලද 'මහමේරුව රැලි ක්‍රොස් - 2024' තරඟාවලියේ ගජබා රෙජිමේන්තුවේ යතුරු පැදි ධාවක පාබල සෙබල බුද්ධික සෙනවිරත්න එල් විසින් සමස්ත සුපර් මෝටාර්ඩ් 250 ඉසව්වේ ශූරතාව දිනාගත් අතර 450 සීසී විවෘත ඉසව්වේ පළමු අනුශූරයා බවට පත්විය. ඔහුගේ විශිෂ්ට ජයග්‍රහණ සඳහා දිවයින පුරා සිටින තරඟකරුවන් සහ ක්‍රීඩාලෝලීන් මෙන්ම ගජබා පවුලේ සියළුම සාමාජිකයින්ගේ උණූසුම් සුබ පැතුම් නිතැතින්ම ඔහු වෙත පිරිනමන්නෙමු.