Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

30th September 2024 16:44:15 Hours

ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිණිය අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ කළ සංචාරය

ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය 2024 ජනවාරි මස 31 දින අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ සංචාරයක නිරත විය.

එහිදි නේවාසික රණවිරුවන් සමඟ සුහද කතාබහක නිරත වූ සභාපතිනිය ඔවුන්ගේ සුවදුක් සහ ඔවුන්ගේ අසනීපයන්හි වත්මන් තත්වය පිළිබඳව විමසූ අතර, එතුමිය විසින් ඔවුන් හට ත්‍යාග පාර්සල් ලබා දීමටත්, මිහිදු සෙත් මැදුර වෙත අවශ්‍ය විදුලි පංකා කිහිපයක් පරිත්‍යාග කිරීමටත් කටයුතු කළාය.

පසුව සභාපතිනිය වෙත රැඳවියෙකු විසින් විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර, ඇය නික්ම යාමට පෙර අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද එක්කර, නේවාසික රණවිරුවන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියාය.

මෙම අවස්ථාව සදහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යුඑස්පී එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිද, ගජබා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවන් හා ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී විය.