12th August 2024 11:00:56 Hours
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 අගෝස්තු 7 වන දින ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදි. මෙම රැස්වීමට ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ භාර්යාවන් සහභාගී වූ අතර, මූලික වශයෙන් සුබසාධන කටයුතු සහ තවත් විවිධ අංශ රැසක් පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි. තවද, කෙටේරියන් පවුල්වල යහපැවැත්ම සහ අනාගතය වෙනුවෙන් සාකච්ඡා කිරීමට එය අවස්ථාවක් කරගන්නා ලදි.