Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

22nd July 2024 11:41:29 Hours

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ගජබා නිවහනේදී උපහාර පිරිණැමේ.

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ආර් පී ඒ ආර් පී රාජපක්ෂ ආර්එස්පී, මේජර් ජෙනරාල් ඩී ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, සහ මේජර් ජෙනරාල් පී කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත උපහාර දැක්වීමේ වර්ණවත් උත්සවයක් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 19 වන සිකුරාදා දින ගජබා නිවහනේදී පවත්වන ලදි.

උත්සවයේ පළමු කොටස ලෙස, නව උසස්වීම් ලැබූ එක් එක් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා වෙන වෙනම කඳවුරු සම්මාන මුරයන් පිරිනැමීමෙන් එදින උත්සව ආරම්භ වූ අතර ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

ගජබා රෙජිමේන්තුවේ සම්ප්‍රදායන් විදහා දක්වමින් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ගෞරව දැක්වීම සඳහා සම්මාන මුරයන් පිරිනැමීමෙන් රෙජිමේන්තුවේ ගාම්භීරත්වය තවදුරටත් ඉස්මතු විය. පසුව, රෙජිමේන්තුව තුළ ඇති සමීප බැඳීම පිළිබිඹු කරමින් එම අවස්ථාවට සහභාගිවූවන් අතර සහයෝගීතාවයේ හැඟීම ප්‍රදර්ශනය කරමින් සියලුම නිලයන් සඳහා තේ සංග්‍රහයක් පැවැත්විණි.

මෙම උත්සවය නව උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුද්ගලික ජයග්‍රහණ සැමරීම පමණක් නොව ජාතිය වෙනුවෙන් සිදුකරන ලද විශිෂ්ටත්වය සහ සේවය උදෙසා රෙජිමේන්තුවේ නොසැලෙන කැපවීම ඉස්මතු කල අතර, එය ගජබා රෙජිමේන්තුවේ සාරධර්ම සහ මූලධර්ම පිළිබඳ තියුණු සිහිපත් කිරීමක් මෙන්ම එහි ගෞරවනීය උරුමය ආරක්ෂා කිරීමට පැමිණ සිටි සියල්ලන්ම පෙළඹවීමකි.