Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

22nd July 2024 11:38:18 Hours

ජ්‍යෙෂ්ඨ කෙටේරියන් වරු තිදෙනෙකු විශ්‍රාම ලැබීම වෙනුවෙන් ගජබා නිවහනේදී ඔවුන් වෙත උපහාර පිරිණැමේ.

ගජබා රෙජිමේන්තුවේ සාඩම්බර සාමාජිකයින් වු මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු, බ්‍රිගේඩියර් ටී එස් බාලසූරිය සහ බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් එන් ඇරෑගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුට උපහාර දැක්වීම සඳහා වර්ණවත් සමුගැනීමේ උත්සවයක් 2024 ජූලි 07 වන දින ගජබා නිවහනේදී පැවැත්විණි. එක් එක් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා වෙන වෙනම කඳවුරු සම්මාන මුරයන් පිරිනැමීමෙන් එදින උත්සවය ආරම්භ වූ අතර ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුව වෙනුවෙන් කළ කැපවීම හා විශිෂ්ට සේවයට උපරිම ගෞරවය සහ ප්‍රශංසාව හිමිකර දෙමින් විශ්‍රාම ලැබූ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වෙන වෙනම සම්මාන පෙළපාළි වලින් උපහාර පිරිනැමිණි. පෙළපාලිවලින් අනතුරුව, විශ්‍රාම යන කෙටේරියන්වරු සහ සියලුම නිලධාරීන් මෙම සුවිශේෂි දිනය සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. ඉන් අනතුරුව, සෙසු නිල භෝජනාගාරයේදී සියලුම නිලයන්ගේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණු අතර එහිදී විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම අවස්ථාවට පැමිණ සිටි සියලු දෙනා සමඟ සුහද කතාබහක නිරත විය.

සමුගැනීමේ උත්සව මාලාවේ උච්චතම අවස්ථාව ලෙස විශ්‍රාමික ප්‍රවීණ කෙටේරියන්වරුන් වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් තම භාර්යාවන් සමඟ රැස්වූ අතර, එහිදී වර්ණවත් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නිලධාරි නිවස්නයේදී පැවැත්විණි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගජබා රෙජිමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්වන ලද ක්‍රියාකාරී භූමිකාවන්ගෙන් සංක්‍රමණය වීම සනිටුහන් කරමින් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අවසන් වන ලදි.