Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th June 2024 12:11:19 Hours

ගජබා රෙජිමේන්තුවේ යෝජිත කෞතුකාගාරය සහ ශ්‍රවණාගාරය සඳහා යුද්ධ හමුදාධිපති තුමන් අතින් මුල්ගල තැබේ.

ගජබා රෙජිමේන්තු කෞතුකාගාරය සහ ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති තුමන් සහ ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් රෙජිමේන්තු පරිශ්‍රයේදී සිදු කිරමින් තවත් එක් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

එම ස්ථානයට පැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු විසින් යුද හමුදාධිපති තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව එළැඹි සුභ මොහොතින් යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩයු, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු, ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මේජර් ජෙනරාල් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සි බි වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සි, 1 බළකායේ ආඥාපති මේජර් ජෙනරාල් එස්බි අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු, සේනාවිධායක - යුධ හමුදා යුධ විද්‍යාලය මේජර් ජෙනරාල් යු කේ ඩි ඩි පි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑසපි එන්ඩිසි පිඑස්සි, සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් ඒ බී විජේකෝන් යූඑස්පී. යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මුල්ගල් තැබීය.

ගජබා රෙජිමේන්තු කෞතුකාගාරය සහ ශ්‍රවණාගාර ව්‍යාපෘතිය කෙටේරියන්වරුන්ගේ කැපකිරීම් සහ නිර්භීතකමට ගෞරව කිරීමේ සාමූහික ප්‍රයත්නයක් නියෝජනය කරයි. එය ගජබා රෙජිමේන්තුවේ චිරස්ථායි බව ගජබා ඉතිහාසය සහ අනන්‍යතාවය හැඩගැස්වීමේදී එහි චිරස්ථායී උරුමය පිළිබඳ සාක්ෂියක් වනු ඇත. කෞතුකාගාරය සහ ශ්‍රවණාගාරය, නිම වූ පසු, අධ්‍යාපනය, අනුස්මරණ සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙසද, ජාතික ආරක්ෂාව සහ සාමසාධක ප්‍රයත්නයන් සඳහා රෙජිමේන්තුවේ දායකත්වය සහ තවත් බොහෝ දේ වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා තෝතැන්නක් වනු ඇත.