Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

18th March 2024 22:46:49 Hours

මුහුදු පිහිණුම් තරගාවලියේ ශුරතාවය දිනාගත් ගජබා විරුවන් සිය නිවහනේදී උපහාර ලබයි.

2024 - 4 වැනි අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත ජල පිහිනුම් ශූරතාවලියේ සමස්ත ශූරයන් බවට පත් ජයග්‍රාහී කෙටේරි පිහිණූම් ශූරයින් පිළිගැනීම සඳහා උපහාර උළෙලක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

2024.02.19 වන දින ඔවුන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි අවස්ථාවේදී මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යූඑස්පී එන්ඩීසී ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ සියළු සාමාජිකයින් විසින් ඔවුන්ව අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

පසුව ඔවුන් රෙජිමේන්තු මධ්‍යස්ථාන පිහිනුම් තඨාක පරිශ්‍රය වෙත සාම්ප්‍රධායික නර්ථන ශිල්පීන්ගේ අලංකාර පෙරහැරකින් ගජබා කැඳවාගෙන එනු ලැබූ අතර, එම ස්ථානයේ ඔවුන් වෙනුවෙන් උපහාර උලෙලක් සංවිධානය කර තිබුණි.

උපහාර උත්සවයේ දී ජයග්‍රාහී කණ්ඩායමට යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙනුවෙන් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් සිය සුභාශිංසන පිරිනමන ලදී.

ගජබා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙබලුන් විසින් ජජග්‍රාහී වීරෝධාර කෙටේරි පිහිණුම් ශූරයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ තේ පැන් සංග්‍රහයෙන් පසු ජයග්‍රාහි ගජබා රෙජිමේන්තු පිහිනුම් කණ්ඩායම් සාමාජිකයින් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකින් අනතුරුව උත්සවය අවසන් විය.