Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th March 2024 23:32:53 Hours

මධ්‍යස්ථාන සේනාවිධායකගේ බළඇණි සංචාරය

මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යුඑස්පි එන්ඩීසී විසින් 2024 පෙබරවාරි 08 වන දින 5(ස්වේ) බලඇණිය ගජබා රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය. ඒකක මූලස්ථානය පිහිටි හොරොව්පොතාන කඳවුර වෙත පැමිණි මධ්‍යස්ථාන සේනාවිධායක තුමා අණදෙන නිලධාරි මේජර් යසිත කුරුවිට විසින් ඉමහත් හරසරින් යුතුව පිලිගෙන සම්මාන මුරයක්ද පිරිනමන ලදි. බලඇණි සංචාරය සනිටුහන් කරමින් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් පැළයක් රෝපණය කිරීම ද එහි දී සිදු කරන ලදි.

ඉන් අනතුරුව අණදෙන නිළධාරී විසින් මධ්‍යස්ථාන සේනාවිධායක වෙත බලඇණි ඉදිරිපත් කිරීම සිදු කරන ලද අතර, එහිදී රාජකාරි, පරිපාලන සහ සුභසාධන කටයුතු යන සෑම අංශයකටම අදාළ කරුණු ඇතුළුව ගැටළු රාශියක් පිලිබද සාකච්ඡාවකද නිරත වන ලදි.

පසුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමා කඳවුරු පරිශ්‍රය නිරීක්ෂණය කළ අතර, සෙබළුන්ගේ යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය නගා සිටුවීමටත්, කඳවුරු පරිශ්‍රයේ ආරක්ෂාව සහ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහාත් වටිනා අදහස් සහ උපදෙස් ලබා දුන්නේය.

සියලුම භට පිරිස්හී විනය පවත්වා ගැනීම, හමුදා සාමාජිකයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම මෙන්ම යුද හමුදාවේ ඇතැම් සාමාජිකයින් විසින් යුද හමුදාවේ ප්‍රතිරූපයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීම සහ ආරක්ෂක අංශ සාමාජිකයින් හට වැදගත් වන කරුණු රාශියක් පිලිබඳ උපදෙස් ලබාදෙමින් භඨ පිරිස් ඇමතීම සිදු කල අතර, බළඇණි නිලධාරී නිවස්නයේදී සියලුම නිලධාරීන් සමඟ සුහද කතාබහකින් පසු මෙම සංචාරය අවසන් විය.

ගජබා රෙජිමේන්තුවේ ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරී කර්නල් බෙනට් ෆොන්සේකා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, රෙජිමේන්තු විධායක අධිකාරි සහ රෙජිමේන්තු සැරයන් මේජර් මෙම සංචාරයට එක්ව සිටියහ.